Friday, May 12, 2023

රැකියාවට ගිය ගම්පොළ තරුණිය දින පහක් තිස්සේ අතුරුදන්

සේවා ස්ථානයට යෑම සඳහා නිවසින් පිටත්ව මීටර 100 ක් පමණ ගිය 22 හැවිරිදි තරුණියක් දින පහක් තිස්සේ අතුරුදන්ව ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.

ගම්වැසියන් හා ගම්පොල පොලිසිය ඇය සොයා ඊයේ (11 දා) සිට ගම්පොළ, වැලිගල්ල, ඇල්පිටිය මහවැලි ගඟ ඉවුර ඇතුළු කැලෑබද ප්‍රදේශවල මෙහෙයුමක් අරඹා තිබේ. මෙසේ අතුරුදහන්ව ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ෆාතිමා මුනවුවරා නමැති තරුණියයි.


ඇය ගෙලිඔය නගරයේ ඖෂධ හලක සේවය කරන බව ඇගේ සොහොයුරා වන මොහොමඩ් ඉම්රාන් පවසයි. නිවසේ සිට මීටර 100ක් පමණ ගිය පසු ඇල්පිටිය පල්ලියේ ඇති සීසීටීවී කැමරාවල ඇගේ රුව අවසන් වරට සටහන් ඇති අතර ඉන් එහා තිබෙන එවැනි කැමරාවල හෝ ඇය දුටු අය මෙතෙක් හමු නොවූ බව මෙම සොහොයුරා පවසයි. ෆාතිමාගේ මව වන සිත්ති සාහිරා පවසන්නේ ඇය සේවය කරන ස්ථානයට යෑම සඳහා පසුගිය ඉරිදා නිවසින් පිටත් වූ බවයි. බස් ගාස්තු ලෙස රුපියල් සියයක මුදලක් පමණක් තමාගෙන් ඉල්ලා ගෙන ඇය ගිය බවත්, ඈ තමා හෝ කිසිවෙකු සමග අමනාපයක් නොමැති බවත් මේ මව පවසයි. 

under the courtesy of divaina.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka