Friday, January 27, 2023

මනමාලයා යහළුවකු සමග බියර් බීම නිසා උරණ වූ මනාලිය ඔහුගේ කන ලේ පෙරෙන තුරුම සපා කාලා- පියාටත්, මවටත් බැණ වැදී නැගණියටත් පහරදීලා……

විවාහයෙන් පසු දෙවැනි ගමන නිමා කොට මනාලිය සමග නිවසට පැමිණි මනමාලයා මිතුරකු සමග බියර් එකක් පානය කළැයි උරණ වූ මනමාලිය එම මනමාලයාට පහර දී කන සපා කෑල්ලක් කඩා සිරුරද සූරා තුවාල කොට තිබේ. ඉන් නොනැවතුන ඇය මනමාලයාගේ නැගණියට ද පහර දී මවට, පියාට බැණ වැදී පැළඳ සිටි මංගල මුදුව මනමාලයාට ගලවා දී විවාහය නිමා කළ සිද්ධියක් ගලත ප්‍රදේශයෙන් ගම්පොල පොලිසිය වෙත වාර්තා වී තිබේ.

මෙම මනමාලයා හා මනමාලිය වසර හතක් ආදරය කොට විවාහ වූ යුවළක් බව ගම්පොල පොලිසිය පවසයි.

මනමාලිය ගම්පල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. ඇය පෞද්ගලික මුල්‍ය ආයතනයක ද සේවය කොට ඇති අතර මනමාලයා ගලත ප්‍රදේශයේය. ඔහුද පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන්නෙකි.

දෙදෙනාගේ විවාහය මීට දින පහකට පෙර සිදුකර ඇත්තේ විශාල මුදලක් වැය කරමිනි. ඡායාරූප ශිල්පියාට පමණක් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ගෙවා තිබේ.

දෙදෙනාම හනිමූන් ගොස් දින හතරක් පමණ ගත කොට යළි ගලත පිහිටි මනමාලයාගේ නිවසට පැමිණ තිබේ. එහිදී මනමාලයාගේ මිතුරකු හමුවී ඇති මනමාලයා දෙදෙනාම බියර් එකක් පානය කොට තිබේ.

මේ හේතුව නිසා මනමාලයාට නිවස තුළට පැමිණීමට පැය භාගයක ප්‍රමාදයක් සිදුව තිබේ. මින් දැඩි ලෙස කෝපයට පත්ව ඇති මනමාලිය නිවසට පැමිණ ඇති මනමාලයාට බැණ වැදී පහරදීමට පටන් ගෙන තිබේ. පසුව ලේ පෙරෙන තුරු කන සපා කා ඇති ඇය ඔහුගේ ශරීරයද නියපොතුවලින් සුරා තිබේ.

කලබලය නැවතීමට මැදිහත් වූ මනමාලයාගේ මවට හා පියාට බැණ වැදී ඇති මනමාලිය මනමාලයාගේ මව ද තල්ලු කර දමා තිබේ. අනතුරුව මනමාලයාගේ නැගණියට ද පහර දී ඇති ඇය සිය නිවසට දුරකථන ඇමතුමක් දී තමා රැගෙන යෑමට පැමිණෙන ලෙස දන්වා තිබේ.

ඒ අනුව මනමාලියගේ පාර්ශවයේ විශාල පිරිසක් ත්‍රිරෝද රථවලින් මනමාලයාගේ නිවසට පැමිණීමත් සමග සිද්ධිය පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබේ.

ගම්පොල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත එහි ගිය පොලිස් සැරයන්ට 35145 පියසේන හා පොලිස් කොස්තාපල් 82711 රුචිර ශ්‍රී යන නිලධාරීන් දෙදෙනා ඇතිවීමට ගිය විශාල ගැටුමක් වළක්වා තිබේ.

එහිදී මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා ඉදිරියේම මඟුල් මුද්ද ගලවා ඇති මනමාලිය එය මනමාලයා අතට දී දීගය හමාර බව පවසා තිබේ. එසේම මනමාලයා දී තිබූ රන් මාලයද ගලවා එය ද ලබාදී මනමාලියගේ පාර්ශවයේ අය සමග ඇය යළි ගමට ගොස් තිබේ.

මෙතරම් දෙයක් වුවද මනමාලයා හෝ අනෙකුත් කිසිවකු මනමාලියට පහර දීමක් හෝ සිදුකර නොමැති අතර මෙහිදී පොලිස් නිලධාරීන් මෙම දෙදෙනා යළි එක් කිරීමේ අරමුණින් දෙපාර්ශවයටම පසුදා ගම්පොල පොලිසිය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ. 

under the courtesy of divaina.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka