Tuesday, January 24, 2023

උසස් පෙළ විභාගයට පියා සමග යමින් සිටි සිසුවියගේ බෙල්ල මිරිකා ඇසිඩ් පොවන්න හදලා

කෑගල්ල නගරයේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයකදී විභාගයට පෙනී සිටිමට පියා සමග ත්‍රිරෝද රථයකින් පැමිණෙමින් සිටි පාසල් ශිෂ්‍යාවකට පෙම්වතා යැයි කියන තරුණයෙක් පරගම්මන ප්‍රදේශයේදී යතුරුපැදියක් හරස් කර ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව පාසල් ශිෂ්‍යාව, සැකකාර තරුණයා හා පාසල් ශිෂ්‍යාවගේ පියා පිළිස්සුම් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඊයේ (ජන. 23) දහවල් ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය පැවසීය.

කෑගල්ල, හෙට්ටිමුල්ල, උඩුමාගම ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවක් මෙවර පැවැත්වෙන උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා ඊයේ දහවල් පියාට අයත් ත්‍රිරෝද රථයෙන් පියා සමග යමින් සිට ඇති බව පොලිසිය පැවසීය.

පරගම්මන පසුකර බටවංගුව ප්‍රදේශයේදී ශිෂ්‍යාවගේ පෙම්වතා යැයි කියන තරුණයෙක් මිතුරෙකු සමග යතුරුපැදියකින් පැමිණ ත්‍රිරෝද රථය නවතා රථයේ පිටුපස සිටි පාසල් පෙම්වතියගේ බෙල්ල මිරිකා ඇසිඩ් පෙවීමට උත්සාහ දරන අවස්ථාවේදී පියා ඇසිඩ් බෝතලය උදුරාගෙන තරුණයා වෙත එල්ල කර ඇති බව සිදු කළ මූලික විමර්ශන කටයුතුවලදී අනාවරණය වූ බව පොලිසිය පැවසීය.

එම අවස්ථාවේදී පාසල් ශිෂ්‍යාවටත් ඇගේ පියාට හා සැකකාර තරුණයාටත් ඇසිඩ් වැදීමෙන් පිළිස්සුම් තුවාල ලබා තිබේ. පසුව පාසල් ශිෂ්‍යාවගේ පියා සිය දියණිය ත්‍රිරෝද රථයෙන් කෑගල්ල මහ රෝහලට රැගෙන පැමිණ ඇති අතර තරුණයා ද කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.

එහිදී පාසල් ශිෂ්‍යාවගේ මව පොලිසියට කියා ඇත්තේ, කෑගල්ල නගරයේ පදිංචිව සිටින තම හිතවතියකගේ 21 හැවිරිදි පිරිමි දරුවා සමග කාලයක සිට දියණිය සම්බන්ධතාවක් පැවති බව ත් එම සම්බන්ධතාවට දෙපාර්ශ්වයේ ම කැමැත්ත දී තිබුණු බව ත් ය.

දියණිය කෑගල්ල නගරයේ පාසලක ඉගෙනුම ලැබූ බවත් පසුගිය වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිට බී සාමාර්ථ තුනක් ලබා ගත් බව ත් ඇය යළි මෙවර පැවැත්වෙන උසස් පෙළ විභාගයට දෙවන වරටත් පෙනී සිටීමට අපේක්ෂාවෙන් සිටි බව ත් පැවසුවා ය.

දියණිය වැඩිදුරටත් ඉගෙනුම ලැබීම සම්බන්ධයෙන් පෙම්වතා කිහිප අවස්ථාවකදී ම අකැමැත්ත ප්‍රකාශ කර තිබුණු අතර ඔහු විසින් දියණියට සිම් කාඩ්පතක් අරන් දෙනු ලැබ තිබුණු බව ත් එම කාඩ්පතට තරුණයා පමණක් කතා කරන බව ත් පැවසුවා ය. මවුපියන් ඇතුළු වෙන කිසි ම කෙනෙක් එම දුරකතන අංකයට කතා කරනවාට තරුණයා අකැමැති බව තම දියණියට දන්වා ඇති බව ත් පොලිසිය පැවසීය.

පසුව තරුණ පෙම්වතා නීති තද කිරීම හේතුවෙන් ශිෂ්‍යාව සම්බන්ධතාව නතර කරමු යැයි මසකට පමණ ඉහතදී යෝජනාවක් ගෙනත් ඇති අතර පසුව පෙම්වතා ශිෂ්‍යාවට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරන බව දන්වා කෙටි පණිවුඩ දුරකතනයට යවා ඇති බවත් පොලිසිය පැවසීය.

පසුව පාසල් ශිෂ්‍යාව තරුණයා විසින් දෙන ලද තිබුණු සිම් කාඩ්පත ද ආපසු තරුණයාට දී ඇති බව ත් පොලිසිය පැවසීය. දින ගණනාවක සිට පාසල් ශිෂ්‍යාවට කතාබහ කර ගැනීමට නොහැකිව සිට ඇති තරුණයා ඊයේ (ජන. 23) දහවල් 1.00ට ආරම්භ කිරීමට නියමිතව තිබුණු විභාගයට ශිෂ්‍යාව සිය පියා සමග විභාග මධ්‍යස්ථානය වෙත ත්‍රිරෝද රථයෙන් පැමිණෙමින් සිටියදී පරගම්මන, බටවංගුව ප්‍රදේශයේදී තරුණයා තවත් හිතවතෙකු සමග යතුරුපැදියකින් පැමිණ ත්‍රිරෝද රථය යතුරුපැදියෙන් හරස් කර බැස ශිෂ්‍යාවට ඇසිඩ් පෙවීමට උත්සාහ කරන අවස්ථාවේදී පියා ඇසිඩ් බෝතලය උදුරාගෙන තරුණයාට එල්ල කර ඇති බව පොලිසිය පැවැසීය.

ශිෂ්‍යාව දැනට කෑගල්ල මහ රෝහලේ අංක 02 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර සැකකාර තරුණයා හා පාසල් ශිෂ්‍යාවගේ පියා අංක 05 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසීය.

තිදෙනාගේ තත්ත්වය බරපතළ නොමැති බව පොලිසිය සඳහන් කළේ ය.

කෑගල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගමගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත බණ්ඩාර, කාන්තා පොලිස් පරීක්ෂිකා දීපා හේමමාලි, උපපොලිස් පරීක්ෂක බුද්ධික, උපපොලිස් පරීක්ෂක අනුර කුමාර, පොලිස් සැරයන් සම්පත් (64324) විමර්ශන කටයුතු සිදු කරති.

under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka