Thursday, July 23, 2020

කුරුණෑගල රාජ සභාව කඩා දැමීම: කුරුණෑගල නගර සභාවේ නගරාධිපති ඇතුළු පිරිසකට තහනම් නියෝගයක්

බුවනෙක හෝටලය වශයෙන් පවත්වාගෙන ගොස් ඇති කුරුණෑගල රාජ සභා මණ්ඩපය වශයෙන් සළ කන ගොඩනැගිල්ලට, පොලිසිය විසින් සිදු කරන විමර්ශන අවසන් වනතෙක්, කුරුණෑගල නගර සභාවේ නගරාධිපති, උප නගරාධිපති, නාගරික සභිකයින්, නාගරික කොමසාරිස්, නාගරික ඉංජිනේරු හෝ කාර්ය මණ්ඩලයේ නියෝජිතයින් හෝ අනු නියෝජිතයින් ඇතුල්වීම වළක්වාලමින් තහනම් නියෝගයක් කුරුණෑගල මහේස්ත්‍රාත් ඒ. ඩී. සී. එස්. හේවාවසම් මහතා අද (23) නිකුත් කළ බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කළාය.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධි නීතිඥවරයෙකු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරනු ලැබූ ඉල්ලීම් කිහිපයක් සැළකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.

එම තහනම් නියෝගයේ පිටපත් කුරුණෑගල නගර සභාවේ නගරාධිපතිවරයා වෙත යොමු කරන ලෙස ට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
 
හංසි නානායක්කාර
  
under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka