26 හැවිරිදි සැකකරු පෙදරේරුවෙකු ලෙස සේවය කරයි
ගොකරැල්ල මැද්දේකැටිය ප‍්‍රදේශයේ පියපුතු දෙදෙනෙකු අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිගයාමෙන් අනතුරුව සිය පියාගේ ගෙළ මිරිකා ඝාතනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුතු අත්අඩංගුවට ගෙන ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි.
1 දා රාති‍්‍රයේ ගොකරැල්ල මැද්දේකැටිය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හදිසියේ මියගොස් ඇති බවට පවසමින් නිවැසියන් විසින් 57 හැවිරිදි පුද්ගලයෙකු ගොකරැල්ල දිසා රෝහලට රැගෙන විත් ඇති අතර ඔහු රෝහලට ඇතුළත් කරන විටදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් ගොකරැල්ල රෝහලෙන් ගොකරැල්ල පොලිසියට කළ දැනුම් දීමකට අනුව ගොකරැල්ල පොලිස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලලිත් චන්ද්‍රසිරි මහතා ප‍්‍රමුඛ නිලධාරි මඩුල්ල පරීක්ෂණ ආරම්භ කළහ.
ඒ අනුව මියගිය අයගේ බිරිඳ විසින් රෝහලේදී පොලිස් නිලධාරින් හමුවේ පවසා ඇත්තේ ඇය සිය ඥාති දියණියගේ නිවසකට 1 දා ගොස් සිටි අවස්ථාවේදී මියගිය පුද්ගලයා හා ඔහුගේ 26 හැවිරිදි පුතා පමණක් නිවසේ සිටි බවත් ඇය දියණියගේ නිවසට ගොස් නැවත නිවසට පැමිණි අවස්ථාවේ දී සිය සැමියා කාමරයක ඇඳක් මත සිහිසුන්ව සිටින බව පුතා පැවසූ බවත් මේ හේතුවෙන් ඇඳ මත සිටි සැමියා කඩිනමින් ගොකරැුල්ල රෝහලට රැුගෙන ගිය බවත් මියගිය අයගේ මරණය සැක සහිත බව මියගිය අයගේ බිරිද පැවසීමත් සමග පොලිස් නිලධාරින් සිද්ධිය වූ නිවසට ගොස් ඇති අතර පසුව පුතා සොයන විටදී ඔහු නිවසින් පළාගොස් සිටි බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරින් පරීක්ෂණ කරමින් සිටියදී 2 දා අලූයම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම ඝාතනයේ සුලමුල හෙළිවී ඇත.
26 හැවිරිදි සැකකරු පෙදරේරුවෙකු ලෙස සේවය කරන බවත් 1 දා සවස සේවය නිමවී නිවසට පැමිණි අවස්ථාවේදී අධික ලෙස බීමතින් සිය පියා නිවසට පැමිණ ඇති බවත් එහිදී ඔහු පරුෂ වචනයෙන් සැකකරුට බැනවැදීමත් සමග පිය පුතු අතර ඇතිවූ බහින් බස්වීම දුරදිග යාමෙන් අනතුරුව පුතු විසින් සිය පියාගේ ගෙළ මිරිකා ඝාතනය කළ බවත් සැකකරුගෙන් කළ පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ හෙළිවී ඇත.
මෙලෙස ඝාතනය වී ඇත්තේ ගොකරැල්ල මැද්දේකැටිය ප‍්‍රදේශයේ පදිංචි කුළී කම්කරුවෙකු වන එම්. හින්බණ්ඩා(57) නමැති අයෙක් බව පොලිසිය කියයි.
ගොකරැල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් බණ්ඩාර ගනේගොඩ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලලිත් චන්ද්‍රසිරි මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ගාමිණි, සැරයන් 57633 නිශාන්ත, 64198 සෙනරත්, කොස්තාපල් 33480 වාසල මහත්වරු වැඩිදුර විමර්ශන සිදුකරති
ගලේවෙල මොහොමඞ් බුහාර්ඩින්
under the courtesy of divaina.com news web