තම
විත්තිකරු වූයේ වත්තල මාබෝල පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙක්.
බිරිඳගේ නැගණිය වූ බාල වයස්‌කාර නෑනා දූෂණය කොට ඇය ගැබ් ගැනීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබූ විත්තිකරුට (මස්‌සිනාට) එරෙහිව පැවති නඩු විභාගයේදී මස්‌සිනාට එරෙහිව සාක්‌ෂි ලබා දීමට පැමිණිලිකාර නෑනා අකැමැති වීම සැලකිල්ලට ගත් මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා නඩුවේ විත්තිකරු නඩුවෙන් නිදොස් කොට නිදහස් කර මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
නිදොස් කොට නිදහස ලැබූ විත්තිකරු වූයේ වත්තල මාබෝල පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙක්.
ඔහුගේ නිවසේ රැඳී සිටි 15 හැවිරිදි බිරිඳගේ නැඟෙණිය ඔහු විසින් දූෂණය කර මාස 5 ක ගැබිනියක් බවට පත් කර තිබෙනවා.
පැමිණිලිකාරියගේ මස්‌සිනාට එරෙහිව අවුරුදු 15 ක බාල වයස්‌කාරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අධිචෝදනා නඟා නඩු පවරා තිබුණා.
මෙම නඩු විභාගය ආරම්භ වූ අවස්‌ථාවේ විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගොඩ්ප්‍රි කුරේ මහතාගේ මෙහෙයවීම මත දූෂණයට ලක්‌වූ බාලවයස්‌කාර පැමිණිලිකාරිය සාක්‌ෂි කූඩුවට නැඟ දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කර සාක්‌ෂි දෙමින් තමාට මෙහි විත්තිකාර මස්‌සිනාට එරෙහි සාක්‌ෂි ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවත් විත්තිකරුට එරෙහිව නඩුවක් පවත්වාගෙන යැමට තමාට අවශ්‍ය නොවන බවත් මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා හමුවේ සාක්‌ෂි දෙමින් පැවසුවා.
මෙහිදී පැමිණිලිකාරිය විසින් ඉදිරිපත් කළ සාක්‌ෂි සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු නඩුවෙන් නිදොස් කොට නිදහස් කොට නඩුවෙන් මුදාහැරීමට නියෝග කළා.
under the courtesy of divaina.com news web