ඒ ගෙදර අම්මා වී ඇත්තේ වැඩිමහල් දියණියයි
ජීවිතය රැකෙන්නේ අසල්වැසියන්ට පිං සිද්ධ වෙන්න
තමන්ට ම කියා හරි හමන් තැනක් නොමැති වැස්‌සට තෙමෙන අව්වට වේළෙන රාත්‍රියට නොව දහවලටත් ආරක්‌ෂාවක් නොමැති සතා සිවුපාවාගෙන් නිතර කරදර සිදුවන කවුරුත් එපා කියන ඉටිකොළ වලින් ආවරණය කර ගත් නිවසක ජීවත් වන පවුලක් පිළිබඳ තොරතුරු අපට අනාවරණය විය.
ඒ නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ 35 සී දුවේගොඩ ග්‍රාම නිලධාරි වසමේ පී.ටී.ජයන්ත මහතා සහ ඔහුගේ පවුලේ උදවියට අත්වී ඇති ඉරණම පිළිබඳවයි.
මෙම පවුලේ දරුවන් දෙදෙනෙකු සිටිති. දරුවන්ගෙන් වැඩිමහල් දියණිය මෙවර අපොස සාමාන්‍ය පෙළ

විභාගයට පෙනී සීටීමට සූදානමින් සිටින අතර අනෙක් දරුවා මෙවර පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙමින් සිටී .ඔවුන් ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබන අතර දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ඉගනීමේ කටයුතු සිදුකරන බව ජයරත්න(පියා) මහතා පවසයි.
ඔවුනට උපතින්ම රජ මාලිගා තිබුණේ නැත. තිබුණේ කටුමැටි ගැසූ වහළයට පොල්අතු සෙවිලි කළ කුටියකි. කාලයත් සමඟම පැල්පත කඩා වැටෙන්නේ ඇදහැලෙන වර්ෂාවේ ප්‍රතිඵලයක් ලෙසයි. එතැන් පටන් ඔවුන් මෙවැනි දුෂ්කරතා රාශියක් මැද ජීවිතය රැකෙන්නේ අසල්වැසියන්ට පිං සිද්ධ වෙන්නය. දැනට ඔවුන් ජීවත්වන අතු පැල සාදා ගැනීම සඳහා කටයුතු සලසා දී තිබුණේ ප්‍රදේශයේ අසල්වැසියන් බව එම දරුවන්ගේ මුවින් පිටවුණු වදනකි. දුෂ්කර ජීවිතයක් ගත කරන මේ ජයන්ත මහතා ඇතුළු පවුලේ අය ඉතාමත් කටුක දුක්‌බර ජීවිතයක් ගත කරයි.
පවුලේ ඇති අගහිඟකම් නිසාම මෙම පවුලෙන් අම්මා නික්‌ම යන්නේ දරුවන් දෙදෙනාටද සමුදෙමිනි. මීට වසර තුනකට පෙර ඇය ඉවත්ව ගොස් ඇත්තේ අඟහිඟකම්වලට පිළිසරණක් සොයාය. එහෙත් මේ වනතෙක් ඇයගෙන් නිසි පිළිතුරක් සැමියාට සහ දරුවන්ට ලැබී නැති නිසාවෙන් ඔවුන් තවත් අසරණ තත්ත්වයට පත්ව තිබේ.මෙවන් යෞවන වයසේ පසුවන දියණියකට දෙමවුපියන් ගේ ආරක්‌ෂාව අවශ්‍ය මොහොතක මව ඉන් නික්‌ම යැමෙන් පියාගේ හිස මත පැටව ඇත්තේ තවත් බරකි.
මවු සෙනෙහස අහිමි වීමෙන් පියාට දරුවන් දෙදෙනා පිළිබඳ සොයා බැලීමට මිස වෙනත්
රැකියාවක නිරත වීමට එතරම් කාලයක් නොමැත. නිවසේ ආරක්‌ෂාව නොමැති වීමත් නිසි රැකියාවක් නොමැති වීම නිසාත් මෙම දරුවන්ගේ ඕනෑ එපාකම් ඉටු කිරීමේදී දැඩි ගැටලු රැසකට මුහුණදීමට සිදු වන බව ප්‍රදේශවාසීහු පැවසූහ. එදිනෙදා කුලී වැඩ කිරීමට හිතේ ගතේ ශක්‌තිය තිබුණත් දරුවන් වෙනුවෙන් කැපවෙන පියාට දිනපතා කුලියට යැමට අවස්‌ථාව උදාවන්නේ නැත. ඔහු විසින් සොයා ගන්නා සොච්චම් මුදලින් ගෙදරට කෑම බීම රැගෙන ආවත් ඒවා උයාපියා දීමට අම්මා කෙනකු නිවසේ නැත. ඒ ගෙදර අම්මා වී ඇත්තේ වැඩිමහල් දියණියයි. ඇයට උදෑසන අවදිවී තාත්තාට සහ මල්ලිට ආහාරපාන සකසා දී ගෙදර වැඩ කටයුතු නිමා කර පාසල් යැමට සිදුව ඇත. මේ අතරේ පියාට ලැබෙන සුළු වැටුපෙන් නිවාසයක් තනා ගැනීමට හැකියාවක් ලැබී නැත. ඒ නිසාවෙන් දරුවන්ගේ ආරක්‌ෂාව වෙනුවෙන් පියාට සිදුවී ඇත්තේ ඔවුන් සමග නිරන්තරයෙන් රැඳී ම පමණි.යම්තරමින් හෝ නිවාසයක් ඇත්නම් දරුවන් දෙදෙනා ආරක්‌ෂා සහිතව තැබීමට හැකියාවක් උදාවන්නේ නම් ඔහුට ජීවනෝපාය මාර්ගයක් සකසා ගනිමින් ජීවිතය රැක ගැනීමට හැකියාවක් ලැබෙන බව ඔහුගේ විශ්වාසයයි. මේ පිළිබඳව ඔහුගේ වැඩිමහල් දියණිය ප්‍රාදේශීය ලේකම්තුමාටත් අගමැතිතුමාටත් ජනාධිපතිතුමාටත් ලිපි යොමු කළ ටී.එච්.ජයරත්න මහතා පවසයි.
පිළිබඳ අප නියාගම ප්‍රාදේශීය ලේකම් චතුර මිහිඳු මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ තමන්ට ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරු අනුව මොවුන් සඳහා ප්‍රමුඛතාව ලබා දීමට කටයුතු කරන බවත් වත්මන් රජයේ "ගමට ගෙයක්" වැඩසටහන යටතේ නිවාස කමිටුවේ අනුමැතිය ඇතිව මෙම පවුලට ප්‍රමුඛතා ලබාදීමට කටයුතු කරනබවත්ය.
පිංවත් ඔබටත් මෙම පවුලේ නිවාස සිහිනය සැබෑ කරලීම සඳහා දායක විය හැකි නම් පහත සඳහන් ගිණුම් අංකයට (ලංකා බැංකු තල්ගස්‌වල ශාඛාව 4778749) ටී. එච්. ඉෂාරා සෙව්මිණි යන නමට ආධාරයක් ලබා දීමෙන් දායක විය හැකියි.

චන්දන සමන් කුමාර පැලවත්ත/ විල්සන් විඡේසිංහ නියාගම
under the courtesy of divaina.com news web