කොරෝනා වෛරසය මර්දනය කිරීමේ අරමුණින් චීන පොලීසිය සතුන්ගේ මස් අලෙවි කළ වෙළෙඳුන් රැසක් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය සිකුරාදා කළ මෙම වැටලීමේ දී අධිශීතකරණ වල බහාතිබූ
විවිධ වර්ගයේ සතුන් විශාල සංඛ්‍යාවකගේ මස් හමුවී තිබේ.
වනසංරක්‍ෂණ නිලධාරීන් පැවසුවේ ගුවෙන්සි ප්‍රාන්තයේ පිංගුවේ නගරයේ වෙළෙඳ සංකීර්ණයක් පවත්වාගෙන ගිය හුවැන් රැන් නමැති කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් ඇය අන්තර්ජාලය ඔස්‌සේ සත්ව මස් ජාවාරම පවත්වාගෙන ගිය බව හෙළි වූ බවයි. ඇගේ අධි ශීතකරණ වල තිබී ඝාතනය වූ කුරුල්ලන්, රාජාලියන්, බළලුන් සහ ලේනුන් අතුළු සතුන් 250 ක් හමුවී ඇත. මේ හැර ඇය අස්‌ව මස් සහ සුනඛ මස් අලෙවි කිරීමට ද ක්‍රියාකර තිබේ. ඇය දිගු කලක් තිස්‌සේ මෙම සත්ව මස් ජාවාරම පවත්වාගෙන ගොස් තිබේ. මේ අතර කොරෝනා වෛරසයට ගොදුරු වූ සංඛ්‍යාව 425 ක් තෙක් වැඩි වී ඇත. මෙම වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව ඊයේ (04 දා) වන විට 20438 දක්‌වා ඉහළ ගොස් තිබේ. මේ වන විට රටවල් 23 ක 151 ක පිරිසකට කොරෝනා ආසාදනය වී ඇත.

under the courtesy of divaina.com news web