Sunday, January 26, 2020

කොරෝනා චීනය වෙලා ගනිද්දී, වවුලෙකු කමින් සතුටු වූ කාන්තාවකගේ වීඩියෝවක් අන්තර්ජාලය කළඹයි - Video

චීනයෙන් ඇරඹුණු කොරෝනා වෛරසය සිය ආධිපත්‍යය දසත පතුරද්දි, චීන ජාතික කාන්තාවක් වවුලෙකු අනුභව කරමින් සිටින වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය තුළ සංසරණය වනවා.

විසිතුරු අවන්හලක් තුළ සිටින මෙම කාන්තාව වවුලෙකු මුළුමුනින්ම අනුභව කරන අතර එම වීඩියෝවට විවිධ පිරිස් ප්‍රතිචාර දක්වමින් සිටිනවා.

තවත් වීඩියෝවක් මඟින් පෙන්නුම් කරන්නේ මෙම නිශාචර සත්ත්වයා යොදා සෑදූ "සුප් පානයක්" අනුභව කිරීමට සුදානම් වන අයුරුයි.

චීනයේ වුහාන් හි මතු වූ කොරෝනා වෛරසයෙන් මේ වන විට පුද්ගලයින් 41ක් මරුමුවට පත්ව ඇති

අතර 1200කට අධීක පිරිසකට වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ පිළිබඳව පරීක්ෂණයන්හි නියැලෙන විද්‍යාඥයින් සඳහන් කර තිබුණේ, මෙය සර්පයින්ගෙන් හෝ වවුලන්ගෙන් මිනිසුන්ට පැතිර යන්නට ඇති බවයි.

2003 ආසන්නයේ වඩා අවධානය යොමු වූ "සාර්ස්" රෝගයට වඩා වැඩි බලපෑමක් මෙම වෛරසයට සිදු කළ හැකි බවටයි දැනට ඔවුන් අනාවරණය කරන්නේ.

මෙම ක්ෂරපායි සත්ත්වයා අනුභව කිරීම සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාවේ වෛද්‍ය ක්‍රමයක් බවත් ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබෙනවා. මෙම සත්ත්වයාගේ මළමුත්‍රාවලට අක්ෂි රෝග සුව කළ හැකි බවට විශ්වාසයක් චීන ජාතිකයින් අතර පවතිනවා.

කෙසේ වෙතත්, මෙම වීඩියෝව සංසරණය වීමත් සමඟ බොහෝ දෙනෙකුගේ පැනය වී ඇත්තේ මෙවන් ව්‍යසනයක් සිදුවූ පසුවවත් වන සතුන් ආහාරයට ගැනීම අත්හැරිය නොහැකිද යන්නයි.

මේ සම්බන්ධයෙන් චීනයේ විවිධ බ්ලෝග්කරුවන් තම මතවාද හුවමාරු කරගනිමින් සිටිනවා.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka