Monday, December 9, 2019

"මියගිය ඇයගේ සිරුරේ 90%ක් පිළිස්සී තිබුණා.." - දූෂණ නඩුවට යන අතරමඟ, ගිනි තැබූ තරුණියක් ජිවිතය හැර යයි - සිද්ධියත් සමඟ ඉන්දියාව යළි නොසන්සුන් වෙයි

තමා දූෂණය කිරීම සම්බන්ධයෙන් පවරා තිබුණ නඩුවක් සඳහා සාක්‍ෂි දීමට යමින් සිටියදී පුද්ගලයන් කීපදෙනෙකු විසින් දූෂණය කරන ලදුව අසාධ්‍ය තත්වයේ පසු වූ ඉන්දීය තරුණිය මරණයට පත්වූ බව වාර්තා වෙයි.

පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව උත්හර් ප්‍රදේශ් ප්‍රාන්ත අධිකරණයක ගොනු කළ නඩුවේ විමසීම සඳහා යන මඟ ඇය මෙම සිද්ධියට මුහුණ දී ඇත.

හෘද ස්පන්දනය නැවතීමෙන් මියගිය ඇයගේ සිරුරේ 90%ක් පිළිස්සී තිබිණි.

ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දූෂණ චෝදනා
ඇති පුද්ගලයන් දෙදෙනා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

දුම්රිය ස්ථානයට ගමන් කරමින් සිටි අතරතුර පුද්ගලයන් පිරිසක් ඇයට පහර දී අසල පිහිටි පිට්ටනියකට රැගෙන ගොස් සිරුරට ගිනි තබා ඇතැයි ඉන්දියානු මාධ්‍යය වාර්තා කර තිබේ.

ඇයට අවශ්‍ය වී තිබුණේ අදාළ පුද්ගලයන් දෙදෙනාට මරණ දඬුවම ලබා දීමට බව මියගිය කාන්තාවගේ සොහොයුරිය බීබීසී වෙත පැවසීය.

කෙසේනමුත්, සිය පවුලේ අය මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යන බව ද ඇය පැවසුවාය.

මෙය සිදුව ඇත්තේ මෑතක දී තවත් කාන්තා දූෂණ සිද්ධියක් වාර්තා වූ උන්නාඕ දිස්ත්‍රික්කයෙනි.

ඉන්දියාවේ වර්තමාන පාලක පක්ෂයට සම්බන්ධ නීති සම්පාදකයෙකු විසින් දූෂණය කළ බවට චෝදනා කළ තරුණියක රිය අනතුරකින් බරපතල තුවාල ලැබීමත් සමඟ පසුගිය ජූලි මස පොලිසිය මිනී මැරුම් සම්බන්ධ විමර්ශනයක් ආරම්භ කර ඇත.

අදාළ කාන්තාවගේ ඥාති කාන්තාවන් දෙදෙනෙකු මෙම සිද්ධියෙන් මියගිය අතර ඇයගේ නීතිඥවරයා තුවාල ලැබීය.

දින කීපයකට පෙර පශු වෛද්‍යවරියක සමූහ දූෂණය කර පුළුස්සා මරා දැමූ සිද්ධියේ උණුසුම පහව යෑමටත් පෙර සිදු වූ මෙම සිද්ධිය හේතුවෙන් ඉන්දියාව පුරා නොසන්සුන්තාවක් ඇති වී තිබිණි.

කෙසේනමුත්, පශු වෛද්‍යවරිය දූෂණය කර ඝාතනය කළ බවට සැක කෙරුණු පුද්ගලයන් සිව් දෙනා ඉන්දීය පොලිසිය වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ එය සැමරීමට රටපුරා උත්සව ද පැවැත්විණි.

27 හැවිදිරි පශු වෛද්‍යවරිය අතුරුදහන් වීමෙන් සතියකට පසුව ඇයගේ පුළුස්සන ලද මළසිරුර හමු වූ අතර, ඇය සමූහ දූෂණයට ලක් කර තිබිණි.

2012 වර්ෂයේ දිල්ලි නුවර බස් රියක් තුළ දී වෛද්‍ය සිසුවියක සමූහ දූෂණය කර මරා දැමීමේ සිද්ධියත් සමඟ කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික අඩන්තේට්ටම්වලට එරෙහිව ඉන්දියාවේ දැඩි අවධානය යොමු විය.

නමුත් තවමත් කාන්තාවන්ට සිදුවන හිරිහැරවල අඩු වීමක් දක්නට නොලැබේ.

ඉන්දියානු රජය 2017 වර්ෂයේ නිකුත් කළ අපරාධ සංඛ්‍යා දත්ත අනුව දූෂණ නඩු 33,658ක් පොලිසියේ වාර්තා වී තිබෙන අතර, සාමාන්‍යයක් ලෙස ගත් කළ එය දිනකට 92කි.

BBC සිංහල 
under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka