Monday, October 21, 2019

වලස්මුල්ලේ පාසල් සිසුවා ඝාතනය කළ බවට - 22 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට

වළස්මුල්ල - කටුවන - පුවක්ගස්ආර ප්‍රදේශයේදී 13 හැවිරිදි පාසල් සිසුවෙකු අභිරහස් ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මව නිවසට පැමිණි අවස්ථාවේදී දරුවා මියගොස් ඇති බව දැක රෝහල් ගත කෙරුණු අතර, දරුවා ගෙළ වැලලාගෙන ඇති බවටයි මුලින් සැක කෙරුණේ. මෙම සිසුවාගේ පියා පෙරවරුවේ ව්‍යාපාර කටයුතු සඳහා නිවසෙන් පිටව ගොස් සිටියදී මව නිවස අසල පිහිටි වෙලඳසැලට ගොස් ඇත්තේ නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය
මිලදී ගැනීම සඳහායි.

පසුව මව නිවසට පැමිණෙන අවස්ථාවේ අප්‍රාණිකව තිබූ සිසුවාගේ සිරුර දැක තිබෙනවා. මෙම මරණය ඝාතනයක්ද නැතහොත් සිය දිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කෙරුණු අතර, එහිදී මරණය සියදිවි හානිකර ගැනීමක් නොවන බව අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී එම ප්‍රදේශයේම පදිංචි 22 හැවිරිදි තරුණයෙකු පොලිසිය සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka