තංගල්ල, කුඩාවැල්ල හන්දියේදී පොලිස් අණ නොතකා ධාවනයේ යෙදුණු වෑන් රථයකට පොලිස් නිලධාරීන් විසින් ඊයේ (26වනදා) අලුයම වෙඩි තබා තිබේ. කුඩාවැල්ල ධීවර වරායේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය සිදු කිරීමේ සිද්ධිය හේතුවෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම ප්‍රදේශය පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව ඊයේ (26දා) අලුයම 1.30ට පමණ කුඩාවැල්ල හන්දියේ මාර්ග බාධක රාජකාරි යොදවා තිබූ අතර ඒආසන්නයෙන් මාර්ගයේ ධාවනය කරමින් තිබූ වෑන් රථයකට නැවැත්වීම සඳහා පොලිස් සංඥා ලබාදී තිබූ නමුත් පොලිස් නිලධාරීන්ද අනතුරට ලක්කර පලා යන්නට සූදානම් වන අවස්ථාවේදී එක් නිලධාරියකු විසින් වෑන්
රථයට වෙඩි තබා ඇත. නමුත් වෑන් රථය නොනවත්වා ධාවනය කර තිබේ.මෙම වෑන් රථයේ ගවයන් ප්‍රවාහනය කර ඇති බවටද අනාවරණය වූ බවද උසස් පොලිස් නිලධාරියක් පැවැසීය. වෑන් රථයේ හිමිකරු සොයා තංගල්ල පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.