Wednesday, November 1, 2017

මතුගම නගරයේ එළ හරක් මස් කඩය හිමිනමක් අරගෙන

මතුගම නගරයේ එළ හරක් මස් කඩය 2018 වර්ෂය සඳහා රුපියල් 32,25,622ක මුදලකට බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් ටෙන්ඩරය ලබාගෙන ඇතැයි මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් අසෝක රණසිංහ මහතා කීවේය. මතුගම ප්‍රාදේශීය සභාවේ එළ හරක් මස් කඩය 2017 වර්ෂය සඳහා ටෙන්ඩර් මුදල රුපියල් 22,60,150ක් වූ අතර 2018 වර්ෂයේ අවම ටෙන්ඩර් මුදල රුපියල් 24,86,165ක් විය යුතු බව ප්‍රාදේශීය සභාව නිවේදනය කර තිබිණ. ඒ අනුව දැනට මස් කඩය පවත්වාගෙන යන මුස්ලිම් ව්‍යාපාරිකයා හා භික්ෂුන් වහන්සේ නමක් ටෙන්ඩර් ඉදිරිපත් කර තිබිණි. පසුගිය 27දා ටෙන්ඩර් විවෘත කිරීමේදී මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයා 27,16,000ක් ලංසු තබා තිබූ අතර මාවිට ඥානරතන නමැති
භික්ෂුන් වහන්සේ නමක් රුපියල් 32,25,622ක මුදලකට ලංසු තබා ඇත. ටෙන්ඩර් පත් අනුව 2018 ජනවාරි සිට මතුගම එළහරක් මස් කඩය ඉතිහාසයේ ප්‍රථම වරට බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට හිමිව ඇත.

මස් කඩ ටෙන්ඩරය ලබාගත් මාවිට ඥානරතන හිමියෝ ප්‍රකාශ කරන්නේ මතුගම ගවමස් කඩය වසා දමන්නැයි 2015 වසරේදිත් ඊට පසුවත් කිහිප අවස්ථාවකදී ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලීම් කළත් නීතිමය ගැටලු නිසා එය ඉටුකළ නොහැකි බව ප්‍රාදේශීය සභාව ප්‍රකාශ කළ බවයි. ඒ අනුව 2018 වර්ෂයේ මස් කඩ ටෙන්ඩරය ලබාගෙන සභාවට බදු මුදල් ගෙවා මස් කඩය වසා දැමීමට පියවර ගන්නා බව මාවිට ඥානරතන හිමියෝ කීහ. දකුණු ආසියාවේ උසම හිටි පිළිමය පිහිටි මතුගම ඓතිහාසික පූජනීය නගරයක් බවත් සතිපොළ පැවැත්වෙන ඉරිදා හා බදාදා දිනවලදී දිනකට ගවයන් දෙදෙනකුගේ මස් අලෙවි කරන තත්ත්වයක් ඇති නිසා මෙම පියවර ගත් බවත් මේ සඳහා මහා සංඝරත්නයේත් බෞද්ධ ජනතාවගේත් විශාල ඉල්ලීමක් හා සහයෝගයක් ඇති බවත් ඥානරතන හිමියෝ කීහ.

මේ පිළිබඳව මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් අසෝක රණසිංහ මහතා කීවේ වැඩිම ටෙන්ඩර් මුදලට මස් කඩය හිමිවන නමුත් ටෙන්ඩර්කරු ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු බවයි. ඒ අනුව දින හතකට වඩා මස් කඩය වසා තැබිය නොහැකි බවත් ගිවිසුමේ නීති කඩකළහොත් අදාළ ටෙන්ඩරය අවලංගු වන බවත් අසෝක රණසිංහ මහතා කීවේය.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka