Saturday, October 14, 2017

තාප්පයක වැදුණු ජීප් එක චප්ප වී දෙදෙනෙකුට මරු ළඟා කරමින් සිදුවූ රිය මාරක අනතුර මෙන්න

ලක්ෂ ගණනක දෙස් විදෙස් චෙක්පත් තොගයකුත්...
තුවාලකරුවන් එළියට ගන්න විඳපු දුකක්...

වැලිකඩ පොලිස් වසමේ නාවල ප්‍රදේශයේ පෙරේදා (11) මධ්‍යම රාත්‍රියේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර එහි රියදුරු බරපතල තුවාල සහිතව රෝහල් ගත කළ බව පොලිසිය පවසනවා.

නාවල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් අසළ තාප්පයක සහ විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙහිදි තුවාලකරුවන් රෝහල්ගත කිරීමට පොලිසිය කටයුතු කර තිබුණා.

එහිදි කලුබෝවිල රෝහලට ඇතුළත් කළ දෙදෙනාම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි බවයි පොලිසිය පවසන්නේ.

රියදුරුව ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලට යවා ඇති අතර ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් දැනගන්නට ලැබෙනවා.

අනතුර සිදුවූ අවස්ථාවේ වාහනයේ තිබී රුපියල් ලක්ෂ ගණනක් දෙස් විදෙස් මුදල් චෙක්පත් ඇතුළු වටිනා භාණ්ඩ රැසක් පොලිසියට හමුවී ඇති අතර නීතිමය කටයුතු සඳහා අවශ්‍ය දේ පමණක් රඳවාගෙන සෙසු වටිනා දේපොළ අනතුරට පත් අයගේ ඥාතින්ට ලබා දීමට පොලිසිය කටයුතු කර තිබුණා.

මේ අතර අනතුර සිදුවූ අවස්ථාවේදී වාහනය දැඩි ලෙස තැලී තිබුණු අතර තුවාල කරුවන් පිටතට ගැනීමට ප්‍ර දේශවාසින්ට දැඩි පරිශ්‍රමයක්ද දැරීමට සිදුව තිබුණා.

එම අවස්ථාවේ විඩියෝව පහතින්...

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka