ලෝකයේ දියුණු රටවල් රට සංවර්ධනය කිරීමට තරුණයන් දායක කර ගෙන ඇති බවත් රජයේ උපාධිධාරින් 20,000ක් රජයේ සේවයට බඳවා ගැනීමට පියවර ගෙන තිබෙන බවත් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
ඇමතිවරයා එසේ ප්‍රකාශ කළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන යොවුන් සවිය 2017 වෘත්තීය මාර්ගෝපදේශක සහ ශිෂ්‍යාධාර ජාතික වැඩසටහන නිමිත්තෙන්

පසුගියදා ගාල්ල දිස්ත්‍රික්කයේ උසස් පෙළ සමතුන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදීය.
අගමැතිතුමාගේ මෙහෙයවීමෙන් රැකියා දස ලක්ෂයක් නිර්මාණය කිරීමේ විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා අධ්‍යාපනයේ වෙනස්කම් සිදු කරමින් 13 වසර දක්වා අධ්‍යාපනය අනිවාර්ය කරන බව සඳහන් කළේය.
තරුණ සේවා සභාව , යෞවන සමාජ, අධ්‍යාපන පරිපාලන සේවා විභාග, අධ්‍යාපන විද්‍යා පීඨ වැනි සුවිශේෂි සේවාවන් මේ රට තුළ ඇති කොට උගත් තරුණ පරපුරට දියුණුවේ මංපෙත් විවර කළේ ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එදා ඇති කළේත් වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවත් අවධාරණය කළ අමාත්‍යවරයා වර්තමාන රජයේදී ද රැකියා වෙළෙඳපොළට ගැළපෙන ලෙස අධ්‍යාපනයේ වෙනස්කම් ඇති කරමින් සිටින බව ද පෙන්වා දුන්නේය.
ගාල්ල දිස්ත්‍රික්කයේ උසස් පෙළ සමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.