Wednesday, June 29, 2022

සෞන්දර්ය ටීචර්ගෙන් පහරකෑ සිසුවිය රෝහලේ

හරගම ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක, හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබන එකොළොස් හැවිරිදි (11) දියණියට, එම විදුහලේ බටහිර සංගීතය උගන්වන සෞන්දර්ය ගුරුවරිය අනිත් සිසු දැරියන් අබියස දී අමානුෂික අන්දමින් (පංති කාමරයේ දී) පහරදීමේ පුවතක් වාර්තා වෙයි.

පාසල අවසන් වී නිවසට පැමිණි දියණිය දැඩි ලෙස රෝගාතුර වූයෙන් පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් මත කළුබෝවිල රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව සිදුවුණු තුවාලවලට සහ පහරදීමෙන් ඇතිවුණු මානසික පීඩාවට, එම රෝහලේ මානසික වෛද්‍යවරයා යටතේ උපදේශන සේවාව ලබාගන්නා අතර, ඇය දැනට මහරගම බණ්ඩාරනායක ආයුර්වේද රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවන්නීය.

පසුගිය අට වැනිදා (8) පෙරවරුවේ, විදුහලේ පංති කාමරයේදී ටීචර්ගේ පහරකෑමට ලක්වුණු මෙම දැරිය, එම පහරේ වේදනාව දරාගෙන පංති කාමරයේ සිට ඇත. ඇයට ප්‍රතිකාර ලබාදීමට වගකිව යුතු කිසිවකු යොමු වී නැත. පාසල අවසන් වී මව සමග නිවසට පැමිණි මෙම දැරිය, තමුන්ට ටීචර් පහර දුන් බව ප්‍රකාශ කර තිබේ. ඒ තුවාල නිසා ඇතිවූ වේදනාවෙන් නිවසේ පසුවුණු අවස්ථාවේ, මව ඒ ගැන විමසූ විටය.

දියණියගේ මව මේ ගැන පංතිභාර ගුරුතුමියට දුරකථනයෙන් දැනුම් දුන් නමුදු, මේ ගැන කිසිවක් තමන් නොදන්නා බව ඇය පවසා තිබේ. අනතුරුව අංශ භාර ‘මැඩම්ට’ දන්වා සිටි අවස්ථාවේ ඇය සඳහන් කර ඇත්තේ විදුහල්පතිනියට දැනුම් දෙන ලෙසය. විදුහල්පතිනියගේ දුරකථන අංකය නොමැති හෙයින්, නියෝජ්‍ය විදුහල්පතිනියට කතා කළ අවස්ථාවේ ඇය දන්වා ඇත්තේ “හෙට දිනයේ මං නිවාඩු නිසා පසුදින හමුවන්න” ලෙසය. වෙනත් විකල්පයක් නොමැති තැන, මහරගම පොලිසියේ කාන්තා කටයුතු අංශයට සිසු දැරියගේ මව කළ පැමිණිල්ලට දින තුනක් ගතවූ තැන පොලිසියට පැමිණ ඇති සංගීත ගුරුවරිය පොලිස් ස්ථානාධිපති හමුවී තිබේ. පොලිසිය මෙම හිංසනය, සුළු පහරදීමක් සේ සලකා අධිකරණයට යොමු කර ඇත. මේ වන විට ටීචර්, ඇප මත පසුවන්නීය.

පහරදුන් අවස්ථාවේ, මෙම සිද්ධිය ඇස දුටු දියණියන් කිහිප දෙනකු මාධ්‍යයට පවසා සිටියේ මෙවැන්නකි.

“ටීචර්, එක දිගට පිට මැද්දට පහර දෙන කොට, මට බලාඉන්න බැරි හින්ද ඇස්දෙක පියාගත්තා.”, “ටීචර් පහරදෙන කොට මම හිතුවා මෙයා මැරේවි කියලා.”,

“ටීචර් දහයක් පහළොවක් විතර ගහන්න ඇති.” මෙම හිංසනය සිදුවුණු අවස්ථාවේ, පංතියේ සිටි සිසුවියන්ගේ ඇස දුටු සාක්‍ෂි කිසිවක්, මහරගම පොලිසියේ කාන්තා අංශයේ නිලධාරිනියන්, මේ දක්වා සටහන් කරගෙන නැතැයි මව කියයි.

දැරියට පහරදීම සම්බන්ධව අදාළ සෞන්දර්ය ටීචර්ට එරෙහිව අභ්‍යන්තර විනය ක්‍රියාමාර්ගයක් විදුහල්පතිනිය විසින් ගෙන නැති බව ද පැවසෙයි. මෙම විදුහලේ ගුරුවරියක වන මහරගම නගර සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රිනියකගේ මාර්ගයෙන් මෙන්ම, විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ඇතුළු වෙනත් විදුහලක ගුරුවරයකු යොදවාගෙන, මෙය ගොඩින් බේරා ගැනීමට, විදුහල්පතිනිය කටයුතු කරමින් සිටින බවට ද චෝදනා එල්ල වෙයි. ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයට ද, ජයවර්ධනපුර පළාත් අධ්‍යාපන කාර්යාලයට ද මෙම සිද්ධිය පිළිබඳව දෙමාපියන් පැමිණිලි කළ මුත්, කිසිදු ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නැත.

මෙම ගුරුවරිය වෙනත් බාලිකා විදුහලක සිටියදී මෙවැනිම වූ පහරදීමක් නිසා, ඇයට එරෙහිව සිදුවුණු උද්ඝෝෂණය නතර වී ඇත්තේ මෙම විදුහලට ස්ථාන මාරුකිරීමෙන් අනතුරුවය.


බණ්ඩාර කඳුළුගමුව – නාරහේන්පිට 

under the courtesy of divaina.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka