Wednesday, June 29, 2022

කරාපිටිය රෝහලේ ගිලන්රථ 15ම තෙල් නැතිව නවතී

කරාපිටිය ශික්ෂණ රෝහලේ වාහන සංචිතයේ ඇති කිසිම රථයකට ඉන්ධන නොමැති බව එහි ප්‍රවාහන අංශයේ සේවකයෝ පවසති.

හදිසි රෝගියකු ගෙනඒමට හෝ වෙනත් රෝහලකට මාරුකර යැවීමට ඇති ගිලන්රථ 15 ම මේ වනවිට තෙල් නොමැතිවීම නිසා ගාල්කර තිබේ. ඒ අතර ඖෂධ ප්‍රවාහනය කරනු ලබන ලොරි 02ක් ද ඩීසල් නොමැතිව නතරකර දමා ඇත.රෝහලේ විවිධ අවශ්‍යතා සඳහා ධාවනය කරනු ලබන කැබ් රථ 04ක් සහ පෙට්‍රල්වලින් ධාවන යවන වෑන් රථයක් ද මෙලෙස නතරකර දමා තිබේ.

රෝහලේ සේවකයන් පවසන්නේ අත්‍යාවශ්‍ය සේවා රථවලට පමණක් ඉන්ධන ලබාදෙන බව පැවසුව ද ඉන්ධන පිරවුම්හල් වෙත ගිය විට එලෙස ඉන්ධන නොලැබෙන බවයි.

පොලිසියත්, හමුදාවත් බලා සිටිය දී ඉන්ධන පිරවුම්හල් වල සිටින වෙනත් පුද්ගලයන් විසින් තම  වාහන හරවා යවන බව ද ‍ඔවුහු කියති. මේ වනවිට කිසිදු හදිසි අවශ්‍යතාවකට ප්‍රයෝජන ගැනීමට හැකි මට්ටමේ රථයක් රෝහල සතුව නොමැති බවද ඔවුහු කියති‍.


මේ පිළිබඳ රෝහල් අධ්‍යක්ෂ කාර්යාලයෙන් විමසූ විට එහි නිලධාරියකු කියා සිටියේ ඉන්ධන නොමැතිවීම නිසා දැඩි අර්බුදයක් ඇතිවී තිබෙන බවයි. මේ හේතුවෙන් තෙල් ලබාගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු කියා සිටියේය. 

under the courtesy of ada.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka