Sunday, April 19, 2020

කොරෝනා නිසා මිනිසුන් වෙනස් වු හැටි හා කොරෝනා අස්සේ කළුකඩ මුදලාලිලා ගහන ගේම්

"මල්ලී රුපියල් 100ට විකුන්න තියෙන ෆෝන් කාඞ් එක රුපියල් 200ට විකුණන මානව හිතවාදීන් ඉන්නවා"
 
කොරෝනා වලට තියෙන බය නිසා ආවගමන් බඩු අරන් කීයද ගාන අහලා දිලා ටක්ගාලා යන්න යනවා.
 
ලෝකයේ කුඩා රාජ්‍යන් මෙන්ම බලවත් රාජ්‍යන්ද කොරෝනා වෛරසය පැතිර යාම හමුවේ දැඩි අසරණ තත්වයකට පත්ව ඇත්තේ ඒ සදහා තවමත් නිසි ප‍්‍රථිකාරයක් සොයා නොගැනිම නිසාය.ලොව වටා කරක් ගැසු කොරෝනා වෛරසය අපේ පුංචි දිවයිනටද කඩා වැදුනේ අප කිසිවකුත් නොසිතූ විළසිනි. මේ හේතුව නිසාම රජය
විසින් එය පාලනය කිරිම සදහා විවිධ අනපතනත් ආදියද හදන්වා දෙමින් මෙය පාලනයට පියවර ගත්තද ඒ සදහා ජනතාවගෙන් ලැබුනේ ඉතා අඩු සැළකිල්ලකි. ඒ හේතුව නිසාම රජයට මෙම වෛරසය පැතිරයාම වැළැක් විම සදහා දැඩි පියවර ගැනිමට ද සිදුවිය. ඒ අනුව දිවයිනටම බලපැවැත්වෙන පරිදි විටින් විට ඇදිරීනිතිය ප‍්‍රකාශයට පත් කරමින් ජනතාව එකතැනක තැබීමට රජයට සිදු වු අතර එය උල්ලංගණය කරන්නන් අත්අඩංගුවට ගැනීමටත් වාහන පොලිස් බාරයේ තබා ගැනිමටත් පොලීසියට සිදු විය.
 
ඇදිරිනිතිය නිසාවෙන් බොහෝ දෙනෙකුට එදිනෙදා  රැකියා කරගැනීමටද නොහැකි තත්වයක් ඇතිවීය. දෛනිකව රැකියා කර කීයක් හෝ හොයාගත් උදවියට එකවර දින තුන හතරකට කැම බිම එක් රැස් කරගැනිමට තරම් වත්කමක් නොවිය.ඒ නිසාම කෑම බිමද හිගවිය. ඒ පිළිබදවද රජයේ පාර්ශව මෙන්ම පුද්ගලික පාර්ශවද අවධානය යොමු කරමින් අසරණ වු පිරිස වෙත ආහාර පාන මෙන්ම වියළි සළාකද නොමිලයේ ලබා දිමට කටයුතු කෙරුණේ මේ මහා ව්‍යසනයෙන් රටත් ජනතාවත් බේරාගත යුතු වු නිසාවෙනි. බහුතරයක් වු හිත් උණුවෙන මිනිසුන් තමන්ට ඇති වැඩි ආහාර අනෙකාගේ කුසගින්න නිවන්නට දිමට තරම් මේ මොහොතේ මානුෂික වුයේය. මේ සියල්ල අස්සේ මේ විපත්තිදායක මොහොත තමන්ගේ බඩකට පුරවා ගැනිමට කදිම අවස්ථාවක් කරගත් කළුකඩ මුදලාලිලාද පිළිබදවද අපට ඕනෑ තරම් අපට වාර්තා වීය.

 රටතුළ උද්ගත වු හදිසි තත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය ආහාර පාන වල මිළ අඩු කිරිමක් සිදුකිරීමටද රජය කටයුතු කල අතර රටවැසියා අපහසුතාවයන්ට පත් නොවිමට තවත් සහන මල්ලක්ද ජනතාව වෙත ලබා දිමට කටයුතු කෙරුණි.එහෙත් ඒ සහන මල්ල ජනතාව වෙත ඒ අයුරින්ම ලබාදිමට ව්‍යාපාරිකයා කටයුතු කලේද යන්න ගැටළු සහතය. හම්බන්තොට සිද්ත‍්‍රික්කය පුරා අප කල සංචාරයේදී අපට දක්නට ලැබුනේ අරුම පුදුම වෙළදාම් ක‍්‍රම කිහිපයකි. පරිප්පු කිලෝ එකක් රුපියල් 65ක මිලකට අලෙවි කරන ලෙස රජය දැනුම් දුන්නද කඩ හිමියන් එම මුදලට පරිප්පු විකිණීම සිදුනොකලේ තමන් ඒවා වැඩි මිලට ලබාගත් බව පවසමි
නි. සුරියවැව,හම්බන්තොට, ලූ‍ණුගම් වෙහෙර, තිස්සමහාරාම, දෙබරවැව ඇතුළු බොහොමයක් ප‍්‍රදේශවල සතොස හා සුපිරි වෙළදසැල් හැරුණුකොට අනිකුත් පුද්ගලික කඩ හිමියන් පරිප්පු කිලෝ එකක් අලෙවි කලේ රුපියල් 120කටත් වැඩි මුදලකටය. රුපියල් 100ට අලෙවි කල යුතු වු සැමන් ටින්ද කළුකඩ මුදලාලිලා විකුන්නේ අධික මිළගනන් වලටමය. මේ නිසාම සතොස හා සුපිරි වෙළදසැල් අසල පැය ගනන් දිගු පෝලිම් වල රැදී සිටිමටද ජනතාවට සිදුවුයේ රජය ලබා දුන් සහන මිලට බඩු අනෙකුත් කඩවල නොතිබු නිසාවෙනි.

 ඇතැම් මුදලාලිලාද සතොස හා සුපිරි වෙළදසැල් වල පෝලිමේ සිට පරිප්පු හා සැමන් ආදිය වැඩි වශයෙන් එකතු කරගෙන ගබඩා කරගැනීමටද පියවර ගත්තේ ඒවා වැඩි මිලට ජනතාවට අලෙවි කිරිමටය. දැන් දැන් ජනතාව තුළ රටෙහි ආහාර හිගයක් ඇතිවෙතැයි දැඩි බියක්ද කූට වෙළදුන් විනිස් නිරිමාණය කර තිබේ.මේ හේතුව නිසාවෙන්ම බොහෝ දෙනෙකු වැඩි වශයෙන් ආහාර ද්‍රව්‍ය එක් රැස් කිරිමට පටන්ගෙන තිබේ.පැය කිහිපයක් සදහා ඇදිරිනිතිය ඉවත් කරන මොහොතේ වෙළදසැල් තුළට එන පාරිභෝගික ජනතාවට වැඩි මුදලට බඩු අලෙවි කරමින් පාරිභෝගිකයා සුරාකෑමට කළුකඩ මුදලාලිලා ජයටම කරගෙන යන්නේ කාගේ ආශිර්වාදය ඇතිව යන්න අප නොදනී.

 බොහෝ ප‍්‍රදේශවල කඩවල තවමත් පරිප්පු කිලෝ එකක මිළ රුපියල් 120ට වැඩිය. සැමන් ටින් එකේ ගානද එහෙමමය. බිත්තරයක් රුපියල් 10ට අලෙවි කරන ලෙස රජය දන්වා ඇතත් රුපියල් 10ට මිනිස්සුන්ට බිත්තර ලබා ගැනිමට තැනක් නොමැතිය. කඩකාරයෝ බිත්තරයක් රුපියල් 14.50 ත් රුපියල් 20ත් අතරේ මුදලකට තවමත් විකුණන්නේ කිසිදු බයක් සැකක් නොමැතිවය. ඇතැම් වෙළදුන් පොල්තෙල් භාගයක් රුපියල් 180කට අලෙවි කර ඇත්තේ පොල් තෙල් හිගයි. කැමති නම් පමණක් ගන්න යැයි කියමිණි. සුරියවැව නගරයේද අපකල සංචාරයේදි දැකිය හැකි වුයේ එවන් තත්වයකි. ඇති වු විපත්තිකාරී මොහොතේ මිනිස්සුන් සුරා කා හෝ තම මඩිය තරකර ගැනිමට කළුකඩකාරයින් මානබලන්නේ පිං පවු පිළිබදව තියා මනුස්සකම කියන්නේ මොකද්ද කියාවත් නොදන්නා අයුරිණි.හම්බන්තොට නගරයේදී අපට හමුවු එක් මුදලාලි කෙනෙකු අපට පැවසුවේ ”කොරෝනා හැමදාමත් තියේ නම් හොදයි මහත්තයා”යැයි කියාය. ඒ අයිදැයි අප ඇසු ප‍්‍රශ්ණයට ඔහු දුන්නේ මෙවන් පිළිතුරකි.” ඇයි මහත්තයා බඩු ගන්න එන මිනිස්සු වෙනදා වගේ බඩු අතගගා මිළ අහ අහා ඉන්නේ නෑ.කොරෝනා වලට තියෙන බය නිසා ආවගමන් බඩු අරන් කීයද ගාන අහලා දිලා ටක්ගාලා යන්න යනවා.ඉතින් ඒකෙන් අපිට වාසියි”කියාය.

 රුපියල් 100ට අලෙවි කරන දුරකතන රීචාජ් කාඞ් හා ඬේටා කාඞ් වලද දැඩි ගිගයක් පැවතීම නිසා ඇතැම් කඩ කාරයින් රුපියල් 100 විකිණිය යුතු ෆෝන් කාඞ් එක රුපියල් 150ට විකුණූ අවස්ථාද අපට වාර්තා වීය. දුරකතන රීචාජ් කාඞ්වල ඇති හිගය නිසා කීය යැයි කියුවත් මිළදි ගැනීමට පාරිභෝගිකයාට සිදුව තිබේ. කළුකඩකාරයි ප‍්‍රසිද්ධියේ කරගෙන යන මෙම ජාවාරම් පිළිබදව පාරිභෝගික අධිකාරියට පැමිණිලි කිරිමට දුරකතන ඇමතුම් ලබා ගත්තත් ඒවා පලක් වුනේ නෑ. ක්ෂණික දුරකතන අංකයට ඇමතුම් ගත්තත් කිසිදු පළක් වුනේ නෑ. මේ බොහෝ ජනතාවක් නගන චෝදනාවයි. දුරකතන කාඞ් එකක් මිළදී ගැනිමට එක්තරා කඩයකට ගිය පුද්ගලයෙකු අපත් සමග පැවසුවේ මෙවන් කතාවකි. ”මල්ලී රුපියල් 100ට විකුනන්න තියෙන ෆෝන් කාඞ් එක රුපියල් 200ට විකුණන මානව හිතවාදීන් ඉන්න ටවුන් එකක් සුරියවැව කියන්නේ කියාය”.

 මුළු රටම කොරෝනා වෛරසය පිළිබදව කතා කරමින් ඊට අවධානය යොමු කරමින් සිටින අවස්ථාවේ ජාවාරම් කරුවන් හින් නූලෙන් සිය සිතැගි ඉටුකරගැනිමටද සමත් වි තිබේ. ඇදිරි නිතිය නිසාවෙන් කිසිවකුටත් එළියට බැස යා නොහැකිය. මේ නිසාම මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන්ට පවා ඉන් මිදී නිවෙස්වලට වි සිදුව ඇත්තේ බාර් වසා දමා ඇති නිසාය. එය එසේ තිබියදී විවිධ පිරිස් කසිප්පු පෙරිමේ ජාවාරම්ද සිදුකරගෙන යන්නේ කාටත් හොරාය. පසුගිය දින කිහිපයේද එවැනි ස්ථාන කිහිපයක්ම වැටලිමට මාතර හම්බන්තොට දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ඞී.ජගත් පලිහක්කාර මහතාගේ උපදෙස් පරිදි ක‍්‍රියාත්මක මාතර හම්බන්තොට දිසා වැටලිම් ඒකකයේ නිළධාරීන් සමත් වීය. වෙනදා රුපියල් 1000කට අලෙවි කල කසිප්පු බෝතලයක් ඇදිරි නිතිය නිසා නිවසටම ගෙනගොස් දීමට ජාවාරම් කරුවන් රුපියල් 2000ත් 2500ත් අතර මුදලක් අයකරති.ජාවාරම් කරුවන්ට ලැබෙන විශ්වාසදායී දුරකතන ඇමතුම් වලට පමණක් බඩු ලබා දීමට ඔවුන් නිරතුරුවම කටයුතු කරයි. වෙනදා ගමේ ගොඬේ රට අරක්කු බෝතල් හත අටක් තියාගෙන පොඩි මුදලක්ද තමන්ට තියාගෙන විකුණූ ගමේ නිල නොලත් බාර් කාරයින්ද දැන් තමන්ගේ බඩු වල ගාන වැඩි කර තිබේ. වෙනදා රුපියල් 1800කට ගමේ නිළ නොලත් බාර් එකේ විකුණූ ගල් අරක්කු බෝතලය අද ඔවුන් විකුණන්නේ රුපියල් 3500න් ඉහළ මුදලකටය. ඇතැම් පිරිස් රුපියල් 5000යි කිව්වත් මිළදි ගැනිමට සුදානම් වි ඇත්තේ ලංකාව පුරා තැබෑරුම් වසා ඇති නිසා විය යුතුය. මෙලෙස නිවසටම ගෙන ගොස් අරක්කු, කසිප්පු, ගංජා අලෙවි කිරීමේ ජාවාරම් වල නිරත වු පුද්ගලයන් කිහිප දෙනෙකුම පසුගිය දින කිහිපයේදී පොලිස් අත්අඩංගුවට පත්වීය.
 
එමෙන්ම අම්බන්තොට පොලිස් බළ ප‍්‍රදේශයට අයත් බැරගම අරවනමුල්ල ප‍්‍රදේශයේද ජයටම සුදුපොලක් පවත්වාගෙන යන්නේ ඇදිරිනිති පමණක් නොව නීරෝධායන නීතිද අමු අමුවේ උල්ලංඝනය කරමිනි. මෙම සුදු පොල පවත්වාගෙන යන පුද්ගලයා විසින් පුද්ගලයන් සිව් දෙනෙකු මග දෙපස ඔත්තු කරුවන් ලෙස යොදවා තිබේ. යම් සැකකටයුතු පුද්ගලයෙකු හෝ පොලිස් නිළධාරියෙකු මේ ප‍්‍රදේශයට පැමිණියේ නම් අදාල ඔත්තු කරුවන් විසින් රතිඤ්ඤා පත්තු කිරීම සිදුකරනු ලබයි.ඒ අනුව වහාම සුදු පොලේ සිටින පිරිස් ඒ මේ අතට විසිරීමට කටයුතු කරයි. ඇදිරි නීති, නීරෝධායන නිති තියා මොන නිතියක් ගෙනාවත් ජාවාරම් කරුවන් සිය පරමාර්ථය ඉටු කරගැනිමට කුමක් හෝ මාර්ගයක් පාදා ගන්නේය.

 කොරෝනා වෛරසයේ ආගමනයත් සමගින් මිනිස් ජනජිවිතද දැඩි ලෙස වෙනස් වි තිබේ. බහුතරයක් දෙනාට අමතක වි ගොස් තිබු සමානාත්මතාවය යළි උපදිමින් සිටියි. රට වැසියන් සියළු දෙනා එක යැයි සිතන තරමට මිනිසුන් වෙනස් වි ඇත්තේ කොරෝනා වෛරසය දුගී දුප්පත් මිනිසාට මෙන්ම රාජ්‍ය නායකයාටද පොදු බව මේ වන විට පසක් කර ඇති නිසා විය යුතුය. දරුවන් සමග නිවසට වී එකට ආහාර වේලක්වත් භුක්ති විදිමට වේලාව නැතිව සිටි මිනිසුන්ට පවා දුවාදරුවන් සමග එකට එක මේසයක සිට කෑම බීම ගැනිමට අවස්ථාව උදාකර තිබේ. රටේ පාලකයන්ට වෙනස් කරීමට නොහැකි වු ජනතාවගේ බොහෝ ප‍්‍රථිපත්ති අද වන විට ස්වභාව ධර්මයා විසින් පාලනය කර ඇති බව නම් පැහැදිළිය.වෙලාවක් කලාවක් නැතිව යන්ත‍්‍ර සුත‍්‍ර මෙන් මිනිසත්කම පවා අමතක කර දමා මුදල පසු පස පමණක් හඹාගිය මිනිසුන්ට විවේකයක් ලබා දී ඇත්තේ ජීවිතය පිළිබදව යථාවබෝධය පිළිබදව සිහිපත් කිරීමට විය යුතුය.

 මෙතරම් කාලයක් පිටරටින් කෑමට බඩු ටික එනකම් දත නියවා බලා සිටි ජනතාවට අද සිය සිතුවිළි වෙනස් කරගැනිමට කාලය උදාවී තිබේ.ගෙදර දොර තමන්ගේ කැමට අවශ්‍ය එළවළු ටික අප විසින්ම වගා කරගත යුතුය යන්න සහ අභියෝග එනතෙක් රැුදී නොසිට අභියෝග සදහා සුදානමින් සිටීම වැදගත් බව ස්වභාව ධර්මයා විසින් අද මිනිසාට පසක්කර දි හමාරය.වෙනදා වෙලාවක් කලාවක් නැතිව පාරේ තොටේ කරක් ගැසු මිනිසුන්ට අද නිවෙස්වලට වි වැඩක් කරගෙන සිටීමට සිදුව තිබේ. මේ හේතුව නිසාවෙන්ම වෙනදා අපට අසන්නට ලැබුණු විදියට මාරක අනතුරු පිළිබද පුවත් අපට අසන්නට නොමැතිය. ස්ත‍්‍රි දුෂණ,මංකොල්ල කැම් අද සමාජය තුළින් අසන්නට නැති තරම්ය. එකිනෙකා ඇණ කොටා ගැනීම් මරාගැනීම් කොහෙන්වත් අසන්නට නැති තරම්ය. සියල්ලෝ මැරෙන්නට ඇති බය නිසා කොරෝනා වෛරසය කෙරෙහි ඇති බිය නිසා ගෙවල් දොරවල් වට වී සිටිති. මෙය රටවැසියාට හොද ආදර්ශයකි. රටක් ලෙස ජනතාවට ගොඩ නැගීමට මෙය හොද අවස්ථාවකි. තමන් මැරෙන්න බය වගේම අනෙකාද මරණයට බිය වග තේරුම් ගැනිමට හොදම අවස්ථාවකි. අප සියළු දෙනාම එකම මනුෂ්‍ය කොට්ඨාශයක් බව පසක්කර ගත යුතුය. රජයටද රටවැසියා නිවැරදි මගට යොමු කිරිමට මෙය හොද අවස්ථාවක් බවද සදහන් කල යුතුය. ප‍්‍රමාණයටත් වඩා වැඩියෙන් පිටරටවල් වලින් මෙරටට බඩු ඇදී ඒම හමුවේ අපි විසින් සිදුකරන නාස්තියද වැඩි වි තිබේ. බඩු බාහිරාදිය ප‍්‍රමාණවත් පරිදි පවතින විට ජනතාව සිදුකරන ආහාර නාස්තිය අවම වන නොඅනු මානය. මේ නිසා කොරෝනා වෛරසයේ ආගමනයත් සමගින් සාමකාමී වු සමාජායා ඉදිරියටත් මේ අයුරින්ම කටයුතු කිරිමටද අදිටන් කරගත යුතුය. තම තමන් සිය වගකීම නිසි පරිසි ඉටුකරමින් අවශ්‍ය කටයුතු නියමිත පරිදි සිදුකරන්නේ නම් හා අනුන්ගේ දේ බදන්නට නොගොස් අපද මැරෙන මිනිසුන් බව පසක් කරගැනිමට හැකි නම් ලොව කොතරම් නම් සුන්දර වනු ඇතිද.
 
under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka