Sunday, April 19, 2020

එක එක අය එක එක කතා කිව්වට නිරෝධායන මධ්‍යස්ථානවල ඇත්තම කතාව මෙන්න

පළමු දිනයේදීම යුද්ධ හමුදා වෛද්‍ය නිලධාරින් විසින් සියලූම දෙනා මූලික වෛද්‍ය පරීක්ෂණයට ලක්කරනු ලබයි

පිටත්වීමට ප‍්‍රථම සියලූම පුද්ගලයින් වෙත රාජ්‍ය නිරෝධායන සහතිකය ලබා දීමටද කටයුතු සකස් කොට ඇත.
 
ශ‍්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදාපතිතුමා ඇතුළු සියලූම නිලයන්වල සියලූම සේනා සහ ආරක්ෂක ලේකම්තුමා කොරෝනා වෛයිරසය ලංකාවෙන් තුරන් කිරීමට ගන්නා පියවර සහ ඒ කැප කිරීම තුළින් අපි මුළු ලෝකයටම ආදර්ශයක් දී ඇත. කොරෝනා වෛරසය ලංකාවට පැමිණි
දිනයේ පටන් මේ දක්වා නිදිවරා ගෙන පැය විසිහතර පුරාවට කරන්නාවූ සේවය මිල කළ නොහැකියි. මේ රණවිරුවන්ටද ගෙවල් දොරවල් වල ඉන්න පුළුවන්. රණවිරුවන් ලංකාවටම වටිනා බව මුළු ලෝකයටම පෙනී ගොස් ඇත. ඒ රණවිරු සැමටම අපගේ ගෞරවය පුද කළ යුතුයි. ඒ සඳහා වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි මහතා සමග කළ සාකච්ඡාවෙන් පසු සැකසුනු විශේෂ ලිපියකි මේ.

 ලොව පුරා දිනෙන් දින ව්‍යාප්ත වන මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිත දහස් ගණනින් අහිමි වන අවස්ථාවක මෙම වෛරසය ශ‍්‍රී ලංකාව තුළට සම්පේ‍්‍රෂණය වීම වැළැක්වීම සඳහා රජය මගින් ගෙන ඇති පියවරක් ලෙස විදේශීය රටවල රැකියාව කරමින් සිට මෙරටට පැමිණි ශ‍්‍රී ලාංකික ජනතාව දින 14 ක නිරෝධායන කටයුත්තක් සඳහා යෙදවීමට ගෙන ඇති වැඩපිලිවල යටතේ එම භාරදුර වගකීම ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි හා වත්මන් යුද්ධ හමුදාපති ලූ‍තිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත පැවරීමෙන් පසු එතුමාගේ පූර්ණ උපදෙස් සහ මග පෙන්වීම යටතේ වන්නි ආරක්ෂක සේනා බළප‍්‍රදේශය තුළ නිරෝධායන මෂ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා උපදෙස් ලබාදීමෙන් පසුව ආරක්ෂක සේනා වන්නි ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි විසින් ආරක්ෂක සේනා වන්නි බළප‍්‍රදේශය තුළ නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා සුදුසු ස්ථාන සොයා බලා පුද්ගලිකව පරික්ෂාවට ලක් කර පළමු අදියර යටතේ පම්පෙමඩු හා පෙරියකාඩු යුද්ධ හමුදා කඳවුරු ඒ සඳහා තෝරා ගන්නා ලදී.

 පසුව එහි රාජකාරි නියුතු භඨ පිරිස් තාවකාලිකව වෙනත් කඳවුරු රාජකාරි සඳහා ඉවත් කර එක් දිනක් වැනි කෙටි කාලයක් තුළ යුද්ධ හමුදාව සතු සියලූ සම්පත් යොදවා ගනිමින් අංග සම්පූර්ණ පහසුකම්වලින් සමන්විත නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් බවට පත් කරන ලද අතර, මෙම මධ්‍යස්ථාන දෙක ඉතාලිය සහ බි‍්‍රතානයේ සිට මෙරටට පැමිණි ශ‍්‍රී ලාංකික මෙන්ම විදේශීය අය වෙනුවෙන් වෙන්කරන ලදී.

 
මෙම නිරෝධායන මධ්‍යස්ථාන ඉදිකිරීමේදී සෑම කාර්යයක් සඳහාම වෘත්තිය හා ශ‍්‍රම දායකත්වය ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) යටතේ රාජකාරි ඉටුකරනු ලබන යුද්ධ හමුදා සෙබළුන්ගේ මැදිහත්වීම මත සිදුකළ අතර, යුද්ධ හමුදා සෙබළුන් මෙම කාර්යය සඳහා දිවා රෑ වෙහෙස වෙමින් ආරක්ෂක සේනා (වන්නි) ආඥාපති තුමා ඇතුළු සියලූම නිලධාරින්ගේ නිරන්තර මග පෙන්වීම යටතේ දේශීය මෙන්ම විදේශීය ජනතාව වෙත අවශ්‍ය උපරිම පහසුකම් සපයා දෙමින් නිරෝධායන මධ්‍යස්ථාන සකස් කිරීමට ඇප කැපවී ක‍්‍රියා කරන ලදී.

 තවද මෙම භාරදුර කාර්යය සඳහා 56 සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්. එම්. ජේ. ආර්. කේ. සේනාරත්න, ආරක්ෂක සේනා මූලස්ථානය වන්නි බි‍්‍රගේඩියර් ප‍්‍රධාන මාණ්ඩලික බි‍්‍රගේඩියර් කේ. ඒ. එන්. එන්. කොස්වත්ත, බි‍්‍රගේඩියර් පාලන භාකාස බි‍්‍රගේඩියර් ජේ. බි. රන්දෙනිය හා 563 බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති කර්නල් කේ.පි.ඒ පෙරේරා, 681 බළසේනා මූලස්ථානයේ බළසේනාධිපති කර්නල් ඒ. එම්. එස්. පේ‍්‍රමවංශ ඇතුළු සියලූම නිලධාරින්ගේ නිරන්තර මග පෙන්වීම යටතේ මෙම නේවාසික නිරෝධානය මධ්‍යස්ථාන ඉදිකිරීම් කටයුතු ප‍්‍රධාන වශයෙන් ඉංජිනේරු සේවා සෙබළුන්, වෛද්‍ය බළකා සෙබළුන්, සංඥා බළකා සෙබළුන් සහ අනෙකුත් භට පිරිස් දායකත්වයෙන් සියලූ කටයුතු සිදුකරන ලදී.

 තවද යුද්ධ හමුදා වෛද්‍ය බලකා සාමාජිකයින් විසින් මෙම පම්පෙමඩු හා පෙරියකාඩු නිරෝධානය මධ්‍යස්ථානයන් දෙක තුළ මූලික වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා අවැසි සියලූම පහසුකම්වලින් සමන්විත වෛද්‍ය මධ්‍යස්ථාන දෙකක්, අවශ්‍ය සියලූම බෙහෙත් වර්ග ඇතුළුව, ගිලන්රථ පහසුකම්, වෛද්‍ය නිලධාරින් හා හෙදියන් ඇතුළු සියලූම අවශ්‍යතාවන් සපුරා දීමට කටයුතු කරන ලදී. තවද නිරෝධායන මධ්‍යස්ථානවල නේවාසික පහසුකම් වෙනුවෙන් සැම පුද්ගලයකුටම මදුරු දැලක් සහිත නිදන ඇඳක්, වතුර ෆිල්ටර්, ශීතකරණ පහසුකම්, විදුලි පංකා ඇතුළු නේවාසික පහසුකම් සහිතව නිරෝධායන මධ්‍යස්ථාන සකස්කළ අතර, සනීපාරක්ෂක කටයුතු යටතේ නවතම කොමඞ් සහිත වැසිකිලි පද්ධති ද, ස්නානය කිරීම සඳහා ජල නල පහසුකම් සහිත ශවර් යොදා නාන ස්ථාන හා ඔවුන්ගේ රෙදි පිළි සෝදා ගැනීම සඳහා වැඩි ධාරිතාවයකින් යුත් පූර්ණ ස්වයංක‍්‍රීය රෙදි සෝදන යන්ත‍්‍ර සවිකිරීම වැනි දෑ මගින් ඔවුන් වෙත ඇවසි පහසුකම් සපයා දෙන ලදී.

 ඉන් අනතුරුව පළමු අධියර යටතේ 2020.03.13 වන දින රාත‍්‍රී පම්පෙමඩු යුද්ධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙතට ඉතාලියේ රැුකියාවේ නියුතුව සිට මෙරටට පැමිණි 212ක් හා දකුණු කොරියාවේ සිට පැමිණි එක් අයකු ඇතුළුව 213 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම පළමු කණ්ඩායම ලෙස නිරෝධායනය සදහා ඇතුළත් කළ අතර, එහි සම්පූර්ණ පවුල් සංඛ්‍යාව 44 ක් සහ ගැහැණු 87, පිරිමි 79, හා ළමුන් 47 වශයෙන් විය. 2020. 03. 16 වන දින රාත‍්‍රි දෙවන කණ්ඩායම ලෙස 126 දෙනෙකුගෙන් යුත් බි‍්‍රතාන්‍යයේ සිට පැමිණි කණ්ඩායමක් පෙරියකාඩු යුද්ධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත නිරෝධායනය සදහා ඇතුළත් කරන ලදී. එහි හිමිනමක් ඇතුළුව පිරිමි 65, ගැහැණු 47 හා ළමුන් 10ද විදේශිකයින් 04 ක් වශයෙන් සමන්විත විය. එම භික්ෂුන් වහන්සේ සදහා නේවාසික නිරෝධායනය සදහා වෙනම කුටියක්ද, විදේශිකයින් සදහා වෙනම කාමර ලබාදීම සිදුකරන ලදී.
 
මෙම අංග සම්පූර්ණ නිරෝධායන මධ්‍යස්ථානයන් හි නේවාසික පහසුකම් සපයා දීමේදී ගැබිණි මව්වරුන් සහ කුඩා ළමුන් සිටින පවුල් සඳහා තනි කාමර වශයෙන්ද, තනි පුද්ගලයින් සඳහා ගැහැණු පිරිමි වෙන් වෙන් වශයෙන් පොදු නේවාසික පහසුකම් සපයා දුන් අතර, ඔවුන් වෙත මුලික පහසුකම්වලට අමතරව පුද්ගලික පරිහරණය සඳහා දත් බෙහෙත්, දත්බුරුසු, සබන්, ආහාර ලබාගැනීමට පි`ගානක්, කෝප්පයක් ආදි පුද්ගලිකව පරිහරණය කිරීමට භාණ්ඩද ලබා දීම සිදුකරන ලදී. තවද නේවාසික නිරෝධායන කාලය තුළ සියලූ‍ම අයගේ සුභසාධනය වෙනුවෙන් සෑම නේවාසික නිවාසයක් සඳහාම විශාල ප‍්‍රමාණයේ එල්ඊඞී රූපවාහිනි යන්ත‍්‍රයක් හා සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි යන මාධ්‍ය තුනෙන් නියෝජනය වන පරිදි සැටලයිට් චන්ද්‍රිකා පහසුකම් හා අන්තර් ජාල පහසුකම් ලබාදීම යුද්ධ හමුදා සංඥා බලකාය වෙතින් සිදුකරන ලදී.

 මෙම අය නිරෝධානය කටයුතු සඳහා පැමිණි පළමු දිනයේදීම යුද්ධ හමුදා වෛද්‍ය නිලධාරින් විසින් සියලූම දෙනා මූලික වෛද්‍ය පරීක්ෂණයට ලක්කළ අතර, ඔවුන්ගේ වත්මන් තත්වය සම්බන්ධයෙන් දත්ත එක් රැස් කොට නියමිත වෛද්‍ය ප‍්‍රතිකර්ම යටතේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුලත් කර ගන්තා ලදී.

 මෙම නිරෝධායන මධ්‍යස්ථාන හතරෙහිම දෛනික ක‍්‍රියාකාරකම් යටතේ දිනපතා උදෑසන සියලූම අයවළුන් යුද්ධ හමුදා වෛද්‍යවරුන් විසින් වෛද්‍ය පරීක්ෂණයට භාජනය කරනු ලබන අතර, එහිදී ඔවුනගේ ශරීර උෂ්ණත්වය වෙනස්වීම, කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව, සෙම් අමාරුව සබැදි මුලික ලක්ෂණ පරික්ෂා කර බලා වැඩිදුර ප‍්‍රතිකාර අවශ්‍ය අයවළුන් වෛද්‍ය ප‍්‍රතිකාර සදහා වව්නියාව, අනුරාධපුරය මහ රෝහල් වෙත යොමුකරනු ලබයි. ඊට අමතරව නිරෝධායන මධ්‍යස්ථානය තුළ හදිසි තත්වයකදි දිවා රාත‍්‍රී ඕනෑම අවස්ථාවකදි ඔවුන්ගේ අවශ්‍යතාව දැනුම්දීම සඳහා වෛදය වරුන්ගේ සහ හෙද කාර්යය මණ්ඩලයේ දුරකථන අංක සෑම පුද්ගලයකු වෙතම ලබාදීම තුළින් හදිසි ප‍්‍රතිකාර අවශ්‍ය වුවහොත් ඉතා කෙටි කාලයකදි ඒ සඳහා කටයුතු කිරිමට අවකාශ ලබා දී ඇති අතර නිරෝධායන මධ්‍යස්ථාන හතරෙහිම දෛනිකව සිදුවන සියලූම ක‍්‍රියාකාරකම් පෞද්ගලිකවම එම ස්ථාන වෙත ගොස් පරික්ෂා කර බලා අදාළ වගකිවයුතු නිලධාරින් හට උපදෙස් ලබාදීම ආරක්ෂක සේනා වන්නි ආඥාපති තුමා විසින් දෛනිකව සිදුකරනු ලදී.

 නිරෝධායන දින 14 ක කාලය සම්පූර්ණ කිරීමෙන් පසු නිරෝධායන කඳවුරුවලින් ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර හැරීමට සියළු කටයුතු සුදානම් කර ඇති අතර, පිටත්වීමට ප‍්‍රථම සියලූම පුද්ගලයින් වෙත රාජ්‍ය නිරෝධායන සහතිකය ලබා දීමටද කටයුතු සකස් කොට ඇත.

 මෙම මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වන පිරිසගේ ප‍්‍රසංසාත්මක අදහස් විශාල වශයෙන් ලැබීමටත් සමාජ මධ්‍ය තුළ ඔවුන් විසින් සජිවී අදහස් හුවමාරු වලදී ද පහත සඳහන් පරිදි අදහස් ප‍්‍රකාශ කර ඇත. රාජ්‍ය නායකත්වය හා යුද්ධ හමුදාපති තුමාගේ සෘජු මැදිහත්වීම හා මග පෙන්වීම යටතේ සියලූම යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉතා ඕනෑකමින් හා කාර්යක්ෂමව සියලූ කටයුතු සොයාබලා ඔවුන්ව රැුකබලා ගන්නා අකාරය, වෛද්‍ය පහසුකම් ලබා දෙන ආකාරය සහ නේවාසික පහසුකම්, ආහාරපාන හා ආරක්ෂාව ලබා දීම වෙනුවෙන් ආඥාපතිතුමා ඇතුළු සියලූම යුද්ධ හමුදා සාමාජිකයින් වෙත තම හදපිරි භක්ති ප‍්‍රණාමය ප‍්‍රසංශා මුඛයෙන් යුතුව පවසනු ලබයි.

 තඹුත්තේගම  සී.එම්. ආරියපාල

 under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka