මෙම පුද්ගලයා තනිවම ජීවත්වී සිටිය බවත්, මරණය ගැන සැකයක් නොමැති බවත් සොයාගෙන ඇත.
ඇඳිරි නීතිය නිසා නිවසට යාමට නොහැකිව දෙණියාය බස්නැවතුම්පොලේ ලැගුම් ගෙන සිටියදී මියගිය වයෝවෘධ පුද්ගලයෙකුගේ මළ සිරුරක් 18 දා දෙණියාය පොලිසිය මගින් සොයාගෙන ඇත.
මෙසේ මියගොස් ඇත්තේ වරල්ල උවරගල,
නාවලහේන පදිංචි 70 හැවිරිදි වන්නිගේ පියසිංහ නමැති අයෙකි.
මෙම පුද්ගලයා 16දා ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවේ දෙණියාය මූලික රෝහලේ සායනයට පැමිණ ඇති අතර සවස ඇඳිරි නීතිය පැනවීම නිසා ආපසු නිවසට යාමට නොහැකිව දෙණියාය බස් නැවතුම්පොලේ ලැගුම් ගෙන ඇත. 18දා උදේ මෙම බස්නැවතුම් පොලේ පුද්ගලයෙකු වැටී සිටින අයුරු දැකපු අයෙකු ඒ පිළිබදව පොලිසියට දැන්වීමෙන් පසු පොලිසිය පැමිණ ඒ ගැන පරීක්ෂා කර ඇත.
එහිදී ඔහු මියගොස් ඇතිබව තහවුරුවීම නිසා ඔහු ලග තිබූ රෝග නිශ්චය කාඞ්පතෙන් තොරතුරු සොයා ඥාතීන්ට දන්වා තිබේ. ඒ අනුව පැමිණි පවුලේ අය මෙම පුද්ගලයා තනිවම ජීවත්වී සිටිය බවත්, මරණය ගැන සැකයක් නොමැති බවත් පැවසීම නිසා හදිසි මරණ පරීක්ෂණය සිදුකල දෙණියාය හදිසි මරණ පරීක්ෂක කේ.ඒ.ජයන්ත දේහය ආදාහනය කරන ලෙසට නියම කළේය.
ඒ අනුව රජයේ වියදමින් දේහය වරල්ල ආදාහනාගාරයේදී ආදාහනය කෙරිණ.
ප්රසාද් විද්යාරූප- අකුරැස්ස, සසිනි නිලංකා දෙණියාය

under the courtesy of divaina.com news web