පෙරේදා පස්වරුවේ (11දා) එම පරීක්ෂණවල ප්‍රතිඵල නිකුත්වීමත් සමඟ ඔවුන්ගෙන් පස්දෙනකුට වයිරසය ආසාදනය වී ඇති බව හෙළි වී තිබේ.
ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයේදී පසුගියදා හමුවූ කොරෝනා ආසාදිත පොල් කඩන්නා සමඟ එක සිගරැට්ටුවක් භාවිත කළ මෙම ප්‍රදේශයේම තවත් 5 දෙනකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මෙම පිරිස පොල් කඩන්නා ඇසුරු කර ඇති බව සොයාගත් නාවික හමුදා බුද්ධි අංශය ඔවුන් ඇතුළු 28 දෙනකු තම භාරයට ගෙන නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට පෙර සුදුවැල්ල ශාන්ත මරියා දේවස්ථාන භූමියේදී පරීක්ෂණයකට බඳුන් කර ඇත.
පෙරේදා පස්වරුවේ (11දා) එම පරීක්ෂණවල ප්‍රතිඵල නිකුත්වීමත් සමඟ ඔවුන්ගෙන් පස්දෙනකුට වයිරසය ආසාදනය වී ඇති බව හෙළි වී තිබේ.
ඒ සමඟම ක්‍රියාත්මක වූ නාවික හමුදාව යුද හමුදාව බුද්ධි අංශවල සහායෙන් එම පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් සහ සමීපව ඇසුරු කළ පුද්ගලයන් 52 දෙනෙක් අම්පාර ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.
ඒ අනුව ජාඇළ සුදුවැල්ල ප්‍රදේශයේ පාරිස් පෙරේරා මාවත, කළුපාලම හා ගම්පහ මාකේවිට යන ප්‍රදේශවල පුද්ගලයන් පිරිසක් මෙසේ නිරෝධායනය සඳහා යොමු කර තිබේ.
එම පිරිස ඔළුවිල් වෙත රැගෙන යෑමට පෙර ජාඇළ මහජන ක්‍රීඩාංගණයේදී ර්ථීඛ්අ පරීක්ෂණයකට ලක් කිරීමටද සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.
ජේ.ටී. ද සිල්වා, ශිරාන් රණසිංහ, ප්‍රසංග පාවුළුහේවා
under the courtesy of mawbima.lk news web