Friday, April 17, 2020

නිරෝධායන පිරිසක් රැගෙන සාම්පූර් යද්දී බස්රථ දෙකක් වරකාපොලදී ලොරියක ගැටිලා.. ලොරියේ රියැදුරු එතැනමයි 29 කට තුවාල... එදින රාත‍්‍රියේම වරකාපොල නගරය විෂබීජහරණය කරයි!

නාවික හමුදාවට අයත් බස් රථ දෙකක් හා දඹුල්ල ප‍්‍රදේශයේ සිට කොළඹ බලා එළවළු රැගෙන එමින් තිබූ ලොරි රථයක් මෙසේ අනතුරට ලක්වී ඇත

කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගයේ වරකාපොල තැපැල් කාර්යාලය අසල දී පෙරේදා (15 වැනිදා)පස්වරුවේදී නිරෝධායන කටයුතු සඳහා පුද්ගලයන් රැගෙන ගිය බස් රථ දෙකක් හා එළවළු ප‍්‍රවාහනය කරමින් තිබූ
ලොරි රථයක් අනතුරට ලක්වීමෙන් එක් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයන් විසිනව දෙනෙකු තුවාල ලබා වරකාපොල මූලික රෝහලට ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව වරකාපොල පොලිසිය පවසයි.
 

කොළඹ සිට සාම්පූර් දක්වා නිරෝධාන කටයුතු සඳහා පුද්ගලයන් රැගෙන යමින් තිබූ නාවික හමුදාවට අයත් බස් රථ දෙකක් හා දඹුල්ල ප‍්‍රදේශයේ සිට කොළඹ බලා එළවළු රැගෙන එමින් තිබූ ලොරි රථයක් මෙසේ අනතුරට ලක්වී ඇති අතර ලොරි රථයේ රියැදුරු එම ස්ථානයේදීම මියගොස් ඇත. මෙම අනතුරින් නාවික හමුදාවේ සෙබළුන් තිදෙනෙකුද තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
 
නිරෝධායන කටයුතු සඳහා රැුගෙන ගිය පිරිසක් අනතුරට ලක්වීම නිසා වරකාපොළ මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් එදින රාත‍්‍රියේම වරකාපොල නගරය විෂබීජහරණය කිරීමක්ද සිදුකරන ලදී.

 මෙම අනතුරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වරකාපොල පොලිසිය විසින් සිදුකරන ලදී.
 
 under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka