Sunday, March 8, 2020

ජීවිත අවධානමද නොතකමින් තම පවුල රැකීම වෙනුවෙන් මහ පොලව සමඟ පොර බදින කාන්තාවන් දෙදෙනෙක් ගැන ඇසිය යුතුම කතාවක් - Video

විටෙක තෙරක් නොපෙනෙන අහස් කුසද ජය ගන්නා ඇය,

තවත් විටෙක ජීවිත අවධානමද නොතකමින් තම පවුල රැකීම වෙනුවෙන් ඉදිරිපත් වන්නීය.
 
ජාත්‍යන්තර කාන්තා දිනය අදයි.

සමස්තයක් ලෙස ශ්‍රි ලාංකීය කාන්තාව අත් කරගෙන ඇති ජයග්‍රහණ පිළිබඳව සතුටට පත්වන බව ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

“ඇය දිරිමත් - රට සවිමත්” තේමාව යටතේ මෙවර සැමරෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් හිරු

ප්‍රවෘත්ති තබන සටහනක් මේ.


ජාත්‍යන්තර කාන්තා දින සැමරුම, 1910 වසර දක්වා ඈතට දිව යන්නක්.

ජර්මනියේ ක්ලාරා සෙට්කින් නමැති කාන්තාව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පෙරමුණ ගත් අතර ඇයගේ උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය ආරම්භ වු බවට ඉතිහාසය සාක්ෂි දරනවා.

ශ්‍රි ලංකාව ද විවිධ තේමා ඔස්සේ කාන්තා දිනය සමරන්නේ කලකට පෙර සිටයි.

කාන්තාවන් ලෝක ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන අතර මෙරට කාන්තාවන් විදේශ රැකියා, තේ සහ ඇගළුම් කර්මාන්තවල නිරත වෙමින් රටේ සංවර්ධනයට දක්වන්නේ සුවිශේෂි දායකත්වයක්.

මේ අතර, ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ කාන්තාවට හා ගැහැණු දරුවාට එරෙහි සියලු ආකාරයේ ප්රචණ්ඩත්වය සහ වෙනස් කොට සැලකීම සම්පුර්ණයෙන් පිටුදැක, ආදායම් උත්පාදනයට සමසේ දායක විය හැකි වටපිටාවක් නිර්මාණය කිරීමට තම රජය කැපවී සිටින බවයි.

රුවින් පමනක් නොව දැනුම,හැකියාව,කෞෂල්‍යයෙන් පුරුෂයා අභිබවා යමින් සියලු හැකියාවන්ගෙන් ලෝකය ජය ගැනිමට ලාංකිය කාන්තාව මේ වන විට සමත් වි තිබෙනවා.

එපමනක් නොව පවුල තුල කුසගිනි නිවනු වස් ඇය ඉසිඹුවක් නොබලාම පිරිමි හා උරෙන් උර ගැටෙනු ඇති.

විටෙක තෙරක් නොපෙනෙන අහස් කුසද ජය ගන්නා ඇය, තවත් විටෙක ජීවිත අවධානමද නොතකමින් තම පවුල රැකීම වෙනුවෙන් ඉදිරිපත් වන්නීය.

මේ බදුල්ල,මී ගහ කිවුල - මීගහ අරාව ගම්මානයේ ජීවත් වන 65 හැවිරිදි ආර්.එම් සිරියාවතී.

සිරියාවතී වසර 10ක පටන් කිතුල් පැණි නිෂ්පාදනය වෙනුවෙන් මේ අවධානම ලබා ගන්තේ තම දිවි සරු කර ගනු රිසියෙන්.

මේ තම වකුගඩු රෝගී සැමියා ජීවත් කරවීම වෙනුවෙන් මහ පොලව සමඟ පොර බදින තවත් එක් කාන්තාවක්.

දඹුල්ල දේවහූව ප්‍රදේශයේ ජීවත්වන ඇය නමින් සුරංගි තනූජා.

ඇය දරුවන් සිව් දෙනෙකුගේ මවක්.

ගෙවෙන්නේ 21 වන සියවස වුවද අද වනවිට කාන්තාව මුහුණ දෙන ගැටළු පිලිබදව ලාංකේය සමාජය විධිමත් අවධානයක් යොමු කර ඇත්දැයි අප අපගෙන්ම විමසා බැලිය යුතුයි.

ශිෂ්ඨ සම්පන්න ජාතියක් ලෙස අප කළ යුත්තේ කාන්තා දිනය යැයි පවසමින් කාන්තා දින සැමරුම් පවත්වනවාට වඩා ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකෙන, නිසි ආරක්ෂාව සැපයෙන, අර්ථවත් අනාගතයක් වෙනුවෙන් ඇයට නිසි මග පෙන්වාදීමයි. 

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka