කොවිඩ්-19 හෙවත් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම්කළ රෝගියෙකු පසුගියදා පානදුර රෝහලේ සිට හෝමාගම රෝහල වෙත මාරුකර එවා තිබෙනවා.
ඒ හෝමාගම රෝහල මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබවට සැක සහිත රෝගීන්ට
ප්‍රතිකාර කරන රෝහලක් ලෙස නම්කර ඇති බැවින්.
එහිදී අදාළ රෝගියාට කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය වැළඳී ඇත්දැයි සොයාබැලීම සඳහා පරීක්ෂණ කටයුතු සිදුකර තිබෙනවා.
පසුව තහවුරු වී ඇත්තේ එම වෛරසය අසාදනය වී නොමැති බවයි.
අදාළ පරීක්ෂණවලදී තහවුරු වී ඇති අනෙක් කරුණ නම් මෙම පුද්ගලයා අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වූවෙකු බවයි.
ඔහුගේ මෙම අසාත්මිකතාවලට හේතුව දින කිහිපයක් තිස්සේ මත්පැන් නොමැතිවීම බව ද වැඩිදුර පරීක්ෂණවලදී වෛද්‍යවරුන් තහවුරු කරගෙන තිබෙනවා.
ඔහු රෝහලෙන් නිදහස් කිරීම සඳහා භාරකරුවෙකු පැමිණෙනතුරු රඳවාගෙන ඇති අතර අද දිනයේ මෙම රෝගියා රෝහලේ ගොඩනැගිල්ලක සැඟවීමට උත්සාහ ගැනීම හේතුවෙන් රෝහල් බලධාරීන්ට සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලයට ඔහු මෙල්ලකර ගැනීමට පොලිසියේ ද සහය පැතීමට සිදුවූනා.
ඔහු මෙලෙස සැඟවී සිට පැන යාමට උත්සහදරා ඇති බවටයි හෙළිවී ඇත්තේ.
අවසානයේ මෙම රෝගියා රෝහල් බලධාරීන් සහ පොලිසියේ මැදිහත්වීමෙන් නැවත පානදුර රෝහල වෙත යැවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මොහු මහනුවර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙකු බවට වැඩිදුර තොරතුරු අනාවරණ වී තිබෙනවා.
under the courtesy of gossip.hirufm.lk news web