Friday, March 13, 2020

"නිමන්ති මගේ අතින් ගැහැනියක් වුණා. මට බඳිමු කියලා වදයක් වුණා.." - ගැබිණියක් වූ නිමන්තිව හිත්පිත් නැතිව අවසන් ගමන් යැවූ කපිල, සියල්ල පාපොච්චාරණය කරයි - Video

රූමතියක් වූ නිසාම කොළඹ ප්‍රදේශයේ විවිධ මිනිසුන්ගේ අවධානයට නිමන්ති ලක් වුණා.

ලිංගික ආශාවන් නිසා අද සමාජයේ බොහෝ තරුණියන් පමණක් නොව ගැහැණුන් මෙන්ම කුඩා දැරියන්ගෙන් පවා පහත් ආශාවන් ඉෂ්ඨ කරගන්නා අවස්ථා සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම අපට
අසන්නට දකින්නට ලැබෙනවා. හැගීම්වලට වහල් වී ජිවිතයෙන් වන්දි ගෙවන මිනිසුන් පිළිබද කොතෙකුත් ආසා තිබුණත් එවැනි සිදුවීම් නතර නොවන තරමටම සමාජය පිරිහිලා. මේ කතා කරන මාතෘකාවත් එවැනිම කතාවක අවසානයක් ලබනවා.

මෙවන් සමාජ වටපිටාවක් තුළ සිය පහත් ආශාවන් වෙනුවෙන් තරුණියකට ජීවිතය අහිමි කළ පාපතරයෙකුගේ ජීවිතයට ඉව අල්ලන, මඟ හැර යන අපරාධකරුවන් ලුහුබැඳ යන හෝරාවයි මේ....

සෑම අගහරුවදා දිනමක රාත්‍රී 10.30ට හිරු ටීවි තුලින් ඔබේ ආලින්දයට එන "ඉව" නම් වූ කතා මාලාව මෙවන් අපරාධකරුවන් සොයා යන ක්‍රියාන්විතයක්..

කොළඹ ප්‍රදේශයේ විසු "නිමන්ති" තම මව සහ පියා නොමැතිව නැන්දා සහා මාමා ළග හොදින් අධ්‍යාපන ලබා රැකියාවක් අපේක්ෂාවෙන් සිටිනා තරුණියක්. ඇයට නැන්දා සහ මාමා බෙහෙවින් ආදරය කළා.

රූමතියක් වූ නිසාම කොළඹ ප්‍රදේශයේ විවිධ මිනිසුන්ගේ අවධානයට නිමන්ති ලක් වුණා.

මේ මහල් නිවාසයේ අසලම වූ කපිල නොහොත් දළයා ද නිමන්තිට ඇහැ යොමාගෙන සිටියා. යොවුන් වියේ සිටි නිමන්තිගේ සිත ගැනීමට කපිලට වැඩි කාලයක් ගියේ නැහැ.

කපිල තම ජිවන උපාය වශයෙන් සිදු කළේ 'ගැට කැපීම' කියලා නිමන්ති දැන සිටියේ නැහැ.

මේ සමඟම නිමන්තිගේ සහ කපිලගේ අදර කතාව ගලාගෙන යද්දී නිමන්ති ද නොසිතු මොහොතක කපිල අතින් ගැහැනියක් වෙනවා.

ඒ වුණත්, නිමන්ති ගෙදරින් තිබෙන විරෝධය නොතකමින් නිමන්ති තව තවත් කපිලට ළං වෙන්න පටන් ගන්නවා.

කපිල නිමන්තිව තමන්ගේ ආශාවන් සදහා යොදාගත් අතර විවාහයක් ගැන නම් සිතුවෙවත් නැහැ.

නිමන්ති කපිල හා විවාහ වීමට යෝජනා කළද කපිල එය දවසින් දවස මග හරිමින් කල් මරමින් තම ආශාවන් සංසිඳුවා ගැනීම ගැන පමණක් සිතුවා.

මේ අතර නිමන්ති කපිල අතින් ගැබ් ගැනීම නිසා නිමන්ති අධික කලබලයට පත් වුවද ඉන් පසුව කපිලට එය දැනුවත් කළද කපිල ඒ ගැන නොසලකා හැරියා.

නිමන්තිගේ කුස තුල වැඩෙන දරුවා නැති කිරීමට කපිල යෝජනා කළ ද නිමන්ති ඊට අකමැති වුණා.

කපිලට නිමන්තිගේ ගැබ් ගැනීම මහත් වදයක් කරදරයක් වූ අතර කපිල ඉන් මිදීමට ඔහුගේ හොදම මිතුරා සමඟ සැලසුමක් සුදානම් කළා.

මේ අතර කපිල, සිතේ සැලසුමක් සමඟ නිමන්තිට මාතර ප්‍රදේශයට ගොස් ජිවත් වෙමු, යැයි යෝජනා කළා.

ඒත්... කපිලගේ ප්‍රධාන අරමුණ වුයේ මිතුරා සමග එකතු වී නිමන්තිව මාතර ප්‍රදේශයට ගොස් මරා දැමීමයි.

කපිල නිමන්තිව මාතර ප්‍රදේශයට පන්නා ගොස් නිමන්තිව මරා දැමීමට තීරණය කළා.

කපිල සමග නිමන්ති පිටත් වෙද්දී තම යන අවසන් ගමන බව නිමන්ති හීනෙන්වත් නොසිතන්නට ඇති.

වෙහෙස කර ගමන නිසා නිමන්තිගේ විඩාව නිවීමට කපිල ගෙන ආ කිරි බෝතලයට වස දමා නිමන්තිට පානය කිරීමට ලබා දුන්නා.

අධි මාත්‍රාවෙන් යුතු වස පානය කළ නිමන්ති අඩපණ වුණා.

සිහි නොමැතිව වමනය දමමින් තමාගේ ජිවිතේ අවසන් හුස්ම පොද වා තලයට මුසු කරද්දී කපිල තම කුමන්ත්‍රණය සාර්ථකව නිම කළා.

මේ අතර මරා දැමු තරුණියකගේ මෘත දේහයක් පිළිබඳ තොරතුරු පිළිබද තොරතුරු ප්‍රදේශය භාර පොලීසිය වෙත ලැබුණු සැනින් පොලීසිය, අපරාධ විමර්ෂණ අංශය වහා ක්‍රියාත්මක වුණා.

ඝාතනය වී සිටි තරුණියගේ මෘත දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුවන අතරේ මේ ඝාතනයේ සුල මුල සෙවීමට අපරාධ පරීක්ෂණ අංශය ද ඉතා සුක්ෂමව සිය පරීක්ෂණ කටයුතු දියත් කරනු ලැබුවා.

කිසිදු අකාරයකින් තරුණිය ගැන තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ නිසා ජනමාධ්‍ය සහය පතන්නට පොලිසිය තීරණය කළා.

ගුවන් විදුලි රුපවාහිනි සහ පුවත් පත් ඔස්සේ සමගම, දුරකථන ඇමතුම් රැසක් පොලිසියට ගලා ආවා.

අභිරහස් ලෙස ඝාතනය වී ඇති තරුණිය නිමන්ති බව හදුනාගන්නට අවසානයේ පොලිස් පරීක්ෂණ වලට හැකියාව ලැබුණා. ලැබුණු තොරතුරු වලට අනුව නිමන්ති කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසයක ජිවත් වූ තරුණියක්.

පොලිසිය සියුම්ව අපරාධ ස්ථානය නිරික්ෂණය කරද්දි "ජෙනී" නම් වූ පොලිස් සුනඛයාද මේ පරීක්ෂණ සඳහා සහය වුණා.

ජෙනිගේ "ඉව" ඔස්සේ නිදැල්ලේ සිටි "කපිල" සොයාගැනීමට පොලිසිය සමත් වුණා.
 

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka