Wednesday, March 11, 2020

කොරෝනා ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා මෙරටින් හමුවීමත් සමග රජයෙන් සමස්ත ජනතාවට විශේෂ නිවේදනයක්‌ - Video

කොරෝනා වෛරසය මෙරට දී ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා හමුවෙයි

කොවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින
හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙලට සහය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ වන විට ලොව පුරා රටවල් රැසක වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින අතර එය පාලනයට එම රටවල් විධි විධාන රැසක් ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

කොරෝනා වෛරසය මෙරට දී ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා ඊයේ පස්වරුවේ හඳුනා ගැනුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

52 හැවිරිදි මොහු සංචාරක මග පෙන්වන්නෙකු ලෙස ක්‍රියා කළ අයෙක්.

ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට ඔහු සේවය සපයා තිබෙනවා. රෝගියා නිරෝධායනයට ලක් කර ඇති අතර ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇතැයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියා.

සංචාරක කණ්ඩායම ගමන් ගත් ස්ථාන සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් පිළිබද තොරතුරු ලබා ගැනීම ද ආරම්භ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම පාලනය කිරීම සඳහා දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන අය නිරෝධායනය කිරීම ඊයේ සිට ආරම්භ කෙරුණා. එහෙයින් විදේශගතව පැමිණෙන අයගේ සහ ජනතාවගේ පූර්ණ සහය ගෙන යන මෙම වැඩපිළිවෙලට ලබාදෙන්නැයි රජය තවදුරටත් ඉල්ලා සිටිනවා.

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka