Monday, March 2, 2020

නියෝග නොතැකූ අන්තරේ සිසුන් වැඩ වරද්ද ගත්තෙ මෙහෙමයි - Video

චෝදනා - මහාමාර්ග අවහිර කිරීම සහ පදික වේදිකාව අවහිර කිරීම, රජයේ නිලධාරින්ගේ නියෝගවලට පටහැනිව ක්‍රියාකිරීම, නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් වීම

 
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සිව්වැනි දිනටත් සත්‍යග්‍රහයේ නිරතවූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් 22කු පොලිසිය විසින් අද උදෑසන අත්අඩංගුවට ගත්තා.

ඒ, අධිකරණ නියෝග කඩකිරිම ඇතුළු චෝදනා කිහිපයක් යටතේයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මර්දනය නතර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශීෂ්‍ය බල මණ්ඩලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අට්ටාලයක් මත පවත්වාගෙන

ගිය සත්‍යග්‍රහය ඉවත්කර ගතයුතු බව දන්වමින් වන අධිකරණ නියෝගයක් පොලිසිය ඊයේ එම සිසුන් වෙත ඉදිරිපත් කළා.

කෙසේ වෙතත්, එය නොතකා රාත්‍රිය පුරාත් අදාළ ස්ථානයේ රැඳී සිටි සිසුන් වෙත අද පෙරවරුවේ පොලිසිය පැමිණ යළි දැනුම්දුන්නේ අදාළ ස්ථානයෙන්ඉවත්වන ලෙසයි.

ඒ අනුව එම ස්ථානයේ රැඳී සිටි භික්ෂුන් වහන්සේ දෙනමක් ඇතුළු සිසුන් 22කු අත්අඩංගුවට ගෙන අදාළ අට්ටාලය ඉවත් කිරිමටද පොලිසිය පියවර ගත්තා.

අත්අඩංගුවට ගැණුනු අදාළ සිසුන් ඉදිරිපත් කෙරුණේ අලුත්කඩේ මහේස්ත්‍රාත්වරයා හමුවටයි.

ඔවුන්ට එරෙහිව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළුවීම වැළැක්වීම හරහා අයුතු අවහිරය, මංමාවත් පනත යටතේ මහාමාර්ග අවහිර කිරීම සහ පදික වේදිකාව අවහිර කිරීම, රජයේ නිලධාරින්ගේ නියෝගවලට පටහැනිව ක්‍රියාකිරීම, නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් වීම, අධිකරණ නියෝගයකට පටහැනිව කටයුතු කර අධිකරණයට අපහාස කිරීම සහ ඉහත වැරදි සඳහා ආධාර අනුබල දීම යන චෝදනා ඉදිරිපත් කර තිබෙන බව පොලිසිය සඳහන් කළා.

කරුණු සලකා බැලූ අලුත්කඩේ වැඩබලන අතිරේක මහේස්ත්‍රාත්වරිය භික්ෂුන් වහන්සේ දෙනම ඇතුළු සිසුන් 22නා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළා.

මේ අතර, මෙම අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් නාවල විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී අද පස්වරුවේ උද්ඝෝෂණයක් පැවැත්වුණා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කැස්බෑව බල මණ්ඩල රැස්වීම අමතමින් උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම සිදුවීම පිළිබඳ අදහස් පළකළා.

 
under the courtesy of gossiphirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka