Tuesday, March 10, 2020

“ලෝකයේ නීතිය වන්නේ බෙහෙත් තුණ්ඩු ලිවිය යුත්තේ ඉංග්‍රීසි කැපිටල් අකුරු වලිනි..” – වෛද්‍යවරයෙකු දුන් බෙහෙත් තුණ්ඩුවක් බුකිය කළඹයි – Photos

මේක ගොඩක් අපැහැදිලි ලෙස ලියලා තියෙන්නේ
 
වෛද්‍යවරයෙක් කියන්නේ ජීවිතයක් ජීවත් කරවන්න වෙර දරන කොට්ඨාසයක්.
හැබැයි සමහර වෙලාවට එක් අයෙකුගේ වැඩ නිසා සමස්ත වෛද්‍යවරුන්ගේම නම කැත වෙන අවස්ථාත්
අපි දැකලා තියෙනවා.
වෛද්‍යවරයෙක් ලබා දෙන බෙහෙත් තුන්ඩුව බලලා බෙහෙත් දෙන එකත් ලොකු වගකීමක් තියෙන රැකියාවක්.
මොකද පොඩ්ඩක් එහෙ මෙහෙ වුණොත් ජීවිත හානියක් පවා සිදුවෙන්න පුළුවන්.
මේ අපි කියන්න යන්නේ වෛද්‍යවරයෙකු ලබා දෙන බෙහෙත් තුන්ඩුවක් ගැන ඖෂධවේදියෙක් තැබූ සටහනක් ගැනයි..

එම සටහන පහතින්…

මේ තුන්ඩුවේ ඖෂධ 4 තියෙනවා .මේකේ දෙවෙනි බෙහෙතේ නම තියෙන්නේ ඩෙරිෆිලින් 150mg කියන ඖෂධය.
මේක ගොඩක් අපැහැදිලි ලෙස ලියලා තියෙන්නේ . නුවර ගිහින් වියදම් කරලා කැකිරාවට බේත් ගන්න එනවා .මේ ලංකාවේ ජනප්‍රිය ස්වසන රෝග consultant කෙනෙක් ගේ අත් අකුරු.
මං මෙතුමාට පුද්ගලිකව ලිපියකින් දැනුවත් කරා මෙහෙම කරන්න එපා කියලා . ලෝකයේ නීතිය වන්නේ තුන්ඩු ලිවිය යුත්තේ ඉංග්‍රීසි කැපිටල් බ්ලොක් අකුරු වලිනි එය නීතියක්. මා ඖෂධවේදියෙක් නිසා මා හට ලෙඩේ පැහැදිලි වෙන නිසා හොයා ගන්න පුලුවන් නමුත් ෆාමසි කීයකද ඖෂධවේදීන් ඉන්නෙ .නමුත් මේ කරන දෙයින් මිනිසුන් කොච්චර නම් අපහසුතාවට පත් වෙනවාද .බේතක් වැරදුනොත් වන්දි ගෙවන්නේ අහිංසක පොඩි කිරිසප්පයෝ .මං ඉල්ලීමක් කරනවා මේක බළධාරීයෙක් දකින තුරු share කරන්න කියලා .මොකද මේ වැඩෙන් වන්දි ගෙවන්න වෙන්නේ අසරණ රෝගීන් සහ දරුවන් .මෙම හේතුව නිසා ඖෂධවේදීන් හැටියට අපි පත් වන අපහසුතාවය මග හැරීමට පල කරනවා මිස වැරදි අවබෝධයක් නොගන්න .මොකද අපේ රටේ ඇත්ත කතා කරන්න අමාරුයි.මේ පොස්ට් එක පල කිරීමෙන් බලාපොරොත්තු වන්නේ බලධාරියෙකුගේ ඇස ගැටී ඒ සදහා විසදුමක් ලබා ගැනීමට මිස කිසිම කෙනෙක් අපහසුතාවට පත් කිරීමට නොවන බව තේරුම් ගන්න .
 

under the courtesy of adaderana.lk news web




------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka