Wednesday, March 25, 2020

තරුණයෙකුගේ ජීවිතය බේරගන්න, තම ශ්වසන යන්ත්‍රය පරිත්‍යාග කළ ඉතාලියේ පූජකයෙකු, COVID 19 විසින් බිලිගනී - සමාජ මාධ්‍ය සංවේදී කළ තවත් කතාවක්

මේ වන විට COVID 19 හෙවත් කොරෝනා වැඩිපුරම ගැවසෙන්නේ ඉතාලි රාජ්‍යය තුළයි. ඉතාලියේ ජීවිත 6000 ගණනකට එහා උදුරාගත් මාරාන්තික කොරෝනා වෛරසය හා සටන් වදින එරට වෛද්‍යවරුන් හා හෙදියන් ගැන අපි ඔබට සඳහන් කළා.

කෙසේ වෙතත් තරුණයෙකුගේ ජීවිතය බේරාගැනීම සඳහා තම ශ්වසන යන්ත්‍රය පරිත්‍යාග කළ 72 හැවිරිදි පූජකයෙකු කොරෝනා විසින් උදුරාගත්, සංවේදී පුවතක් එරට මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා.

මෙසේ මියගොස් ඇත්තේ, දොන් ගුසෙප් බෙරාඩෙල්ලි නම් පුජකවරයෙක්.

අවුරුදු 47 ක් තිස්සේ පූජකයෙකු වූ දොන් ගුසෙප් බෙරාඩෙල්ලි උතුරු ඉතාලියේ බර්ගමෝ රදගුරු පදවියේ කැස්නිගෝහි අගරදගුරු ලෙස සේවය කරමින් සිටියා.

මෙම ප්‍රදේශය කොරෝනා වැඩි වශයෙන් අරක්ගත් ප්‍රදේශයක් ලෙසටයි සැලකෙන්නේ.

පූජකවරයා ශ්වසන රෝගයකින් පෙළුණු අතර ඔහුගේ අනුගාමීකයින් විසින් ඔහුට හුස්ම ගැනීම සඳහා වන ශ්වසන යන්ත්‍රයක් මිල දී ගෙන තිබුණා.

ෆියෝරානෝ නගරයේ නගරාධිපති ක්ලාරා පොලි, මෙම පුජකවරයාගේ මරණය සම්බන්ධයෙන් ඉතා සංවේදීව සිහිපත් කිරීමක් සිදු කර තිබුණා.

"ඔහු අපිට සාමය හා ප්‍රීතිය ලබා දුන්නා. ඒ වගේම ඔහු සෑම දෙනාටම ඇහුම්කන් දුන්න පූජකයෙක්..."

චිකාගෝ හි පුද්ගලයෙක් ට්විටර් පණිවුඩයක් තබමින් පූජකවරයාගේ වියෝව ගැන සිය සංවේගය පළ කර තිබුණා.

"මේක මොන තරම් කුඩා ලෝකයක්ද? ඔහු මගේ පවුල සමඟ ඉතා සමීපව සිටියා. දුප්පත් ආදරණීය මිනිසා"

පල්ලියේ පිරිස් විසින් ඔහු වෙත ලබාදුන් ශ්වසන යන්ත්‍රය, තමාට වඩා බාල කෙනෙකුට දෙන්නැයි ඔහු ඉල්ලීමක් කර තිබුණා.

"යමෙකුගේ මිත්‍රයන් උදෙසා ජීවිතය පූජා කිරීම ඇරුණු කොට වඩා උතුම් ප්‍රේමයක් මෙලොවෙහි නැත.." පුජකවරයා ගැන සඳහන් කරන පිරිස් එසේ පවසනවා.

පූජකවරයාගේ මරණය සම්බන්ධයෙන් අවංමගල්‍ය උත්සවයක් නොපැවැත්වූ නමුත් එරට මාධ්‍ය සඳහන් කළේ කැසර්ටාහි ජනයා ඔහු වෙනුවෙන් බැල්කනිවල සිට අත්පොළසන් දෙමින් උපහාර කළ බවයි.

BBC ප්‍රවෘත්ති සේවය වාර්තා කරන්නේ මේ දක්වා ඉතාලියේ
COVID 19 වෛරසයෙන් පූජකවරුන් 50 දෙනෙකු මියගොස් ඇති බවයි.



------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka