Saturday, March 21, 2020

"සමහරු අපිට කිව්වා අපි අමානුෂිකයි කියලා. මෙය තමයි යුරෝපය සහ ඇමරිකාව දැනගත යුත්තේ.." - Covid 19 සාර්ථකව මැඩ පැවැත්වූ චීනය, ලෝකයට කියාදුන් මනුෂ්‍යත්වයේ පාඩම

"මිනිසුන්ගේ අවංකභාවය වගේම දායකත්වයත් අවශ්‍යයි."
"ඔවුන් දින ගණන්, නිවෙස් තුළට වි අවංකව කටයුතු කළා..."

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වි ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් ගණන 10,050ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
ගතවූ පැය 24 තුළ නව මරණ 427ක් වාර්තා විමත් සමග ඉතාලියෙන් වාර්තාවන පුද්ගල මරණ 3,405ක් දක්වා ඉහළ ගියේ චීනයෙන් මෙතෙක් වාර්තාවූ සමස්ත පුද්ගල මරණ ගණනද අභිබවමින්.

මේ අතර, චීනය සාර්ථකව වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් එරට CGTN ප්‍රවෘත්ති සේවයේ වාර්තාමය වැඩසටහනක් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

"මාසයක් පුරාවට මෙම වෛරසය චින වැසියන් දිනකට දහස් ගණනින් මාස ගණනාවක් බිළිගත්තා. හැබැයි කොහොමද මේ අභියෝගය චීනය ජයගත්තේ. සමහරු අපිට කිව්වා අපි අමානුෂිකයි ඒ වගේම දැඩි පියවර අරන් තියෙනවා. මානව අයිතිවාසිකම් උල්ලංඝණය කරනවා කියලා. චීනය තමයි ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් දැවැන්ත නිරෝධායන ක්‍රියාවලියකට ජනතාව භාජනය කළේ. කාර්යාල වසා දැමුවා. පොදු ප්‍රවාහනය අත්හිටෙව්වා. මිනිසුන් නිවෙස්වලට වී සිටින්න කටයුතු කළා. මේවගේ දේවල්වලින් වෛරසයේ ව්‍යාප්තිය පාලනය වුණා. අනෙක් අතින් චිනයට පුළුවන් වුණා වෛරසය මිලියන ගණනකට ආසාදනය වීම වළක්වාගන්න. දහස් ගණන් ජිවිත මරණයෙන් ගළවාගන්න. මෙය තමයි යුරෝපය සහ ඇමරිකාව දැනගත යුත්තේ. නිරෝධායන කටයුතු අනිවාර්ය කරුණක්. එයට මිනිසුන්ගේ අවංකභාවය වගේම දායකත්වයත් අවශ්‍යයි. වූහාන් වැසියන් එය හොඳින්ම කළා. ඔවුන් දින ගණන්, සති ගණන්, මාස ගණන් නිවෙස් තුළට වි අවංකව කටයුතු කළා. එමගින් තමයි වෛරසය පාලනයට චීනයට හැකියාව ලැබුණේ. අපි සියල්ලෝම මිනිසුන් තිබිය යුත්තේ මනුෂ්‍යත්වයයි..." 

under the courtesy of gossip.hirufm.lk. news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka