Wednesday, March 18, 2020

COVID 19 ගැන ඔබ දැනුම්වත් ද?

රට තුළ පැතිර යන කොරෝනා වෛරසය පරාජය කිරීමට ඔබටත් මටත් අප කාටත් හැකි වන්නේ  ඒ සඳහා වන පියවර අනුගමනය කළහොත් පමණයි.

ඔබට උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පවතිනවානම්, ඒ අතර ඔබ විදේශගතව සිට පැමිණි අයෙකු නම් හෝ එවැන්නෙකු සමීපව ඇසුරු කළ අයෙකු නම් ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී
කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමක් කරයි.

රට තුළ පැතිර යන කොරෝනා වෛරසය පරාජය කිරීමට ඔබටත් මටත් අප කාටත් හැකි වන්නේ  ඒ සඳහා වන පියවර අනුගමනය කළහොත් පමණයි.

නව කෝරෝනා වෛරසය ශරීරගත වන්නේ නාසයෙන් සහ මුඛයෙන් වන අතර ශ්වසන පද්ධතියේ සෛලවලට ආසාදනය වි ආසාදිත සෛල හරහා පෙනහළුවලට වෛරසය පැතිරිම සිදු වේ.

රෝගියකුගේ කිවිසුම් මගින් සහ කැස්ස සමඟ වාතයට මුසුවන කෙළ බිදීති මගින් තව කෙනකුට රෝගය පැතිරිය හැකියි.

උණ,කැස්ස,හුස්ම ගැනීමේ අපහසුතා,උගුරේ වේදනාව ,හිසරදය මෙහි මූලික රෝග ලක්ෂණ වේ.

රෝගය වළක්වා ගැනීමට පියවර ලෙස රෝගින්ගෙන් ඈත්වීම,සබන් හෝ ඇල්කොහොල් මුසු සේදුම් දියර යොදා ගනිමින් සැමවිටම දෑත් පිරිසිදුව තබා ගැනිම, කිවිසීමේදී සහ කැස්ස ඇතිවිට නාසය සහ මුඛය ආවරණය කර ගැනීම, අපිරිසුදු අත්වලින් ඇස් , නාසය සහ මුඛය ඇල්ලීමෙන් වැළැකීම,ස්පර්ශයට ලක් වන දොරගුලු ඇතුළු සියල්ල නිතර පිරිසිදු කිරීම, පොදුවේ පරිහරණය කරන දුරකතන, පරිගණක ආදිය නිතර පිරිසුදු කිරීම,මස් වර්ග සහ බිත්තර හොදීන් පිස ආහාරයට ගැනීම ආදි පියවර ඔබ අනුගමනය කිරීම වැදගත්.

එසේම ඔබට අසනීප තත්වයන් ඇත්නම් නිවසේ රැඳී සිටීමට වගබලාගන්න.

එමෙන්ම මේ දිනවල පොදු සහ සෙනඟ ගැවසෙන ස්ථානවල සිටීම හැකිතාක් අවම කළ යුතු වේ.

මුදල් ස්පර්ෂ කිරීමෙන්,පොදු ප්‍රවාහන සේවා භාවිතයෙන් සහ ATM යන්ත්‍ර භාවිතයෙන් පසු දෑත් සෝදා පිරිසිදුව තබාගැනීම අනිවාර්යයෙන් සිදුකරන්න.

අසනීප තත්ත්වයෙන් යුතු අයෙක් හමුවට යන්නේ නම් දෙදනා අතර නම් අවම මීටරයක පරතරයක් තබා ගැනීම ඉතා වැදගත්.

ඔබ උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී ලක්ෂණ පෙන්නුම් කරන්නේනම් වහාම වෛද්‍යවරයෙක් වෙත යොමුවිය යුතු වේ.

ඒ අතර ඔබ විදේශගතව සිට පැමිණියේ නම් හෝ එවැන්නෙකු සමීපව ඇසුරු කළ අයෙකු නම් ඒ බව නොසඟවා, වහාම ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගන්න.

under the courtesy of adaderana.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka