Sunday, March 8, 2020

බාල වයස්‌කාර දැරියක අපහරණය කර මාස හයකට පසු දෙදෙනා නිවසට පැමිණි අවස්‌ථාවේ තරුණයා අත්අඩංගුවට

ඇය නැවත නිවසට නොපැමිණි බව කියමින්  දැරියගේ මව මාදම්පේ පොලිසියට පැමිණිල්ලක්‌ කර ඇත.

මාස හයකට පමණ පෙර බාල වයස්‌කාර දැරියක්‌ නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ඇයට අතවර කරන ලද 18 හැවිරිදි තරුණයෙක්‌ මාස හයකට පමණ පසුව සිය නිවසට පැමිණ සිටියදී මාදම්පේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 
වින්දිත දැරිය අවුරුදු 14 යි මාස 11 ක්‌ වූ මාදම්පේ පොලිස්‌ වසමේ පදිංචිකාරියකි.තම බාල වයස්‌කාර දියණිය නිවස අසල ඇති වෙළෙඳ සැලට යන බව පවසා නිවසින් පිටව ගිය නමුත් 
ඇය නැවත නිවසට නොපැමිණි බව කියමින් දැරියගේ මව මාදම්පේ පොලිසියට පැමිණිල්ලක්‌ කර ඇත.
තම දියණිය ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වාගෙන ගිය අය සමග ඇය යන්නට ඇතැයි විශ්වාස කරන බව ද
පැමිණිල්ලේ දක්‌වා ඇත.
 

මේ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේදී දෙදෙනාම ප්‍රදේශයෙන් පිටවී ඇති බව අනාවරණය කර ගෙන ඇති පොලිසිය මොවුන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට පුද්ගලික ඔත්තුකරුවකුගෙන් සහාය ලබාගෙන තිබේ.
 
සය මසකට පමණ පසුව දෙදෙනා සැකකරුගේ නිවසට පැමිණ සිටින බවට ලද තොරතුරු අනුව දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය දැරියගෙන් ප්‍රකාශයක්‌ ලබාගෙන ඇත.
 
තොඩුවාව ප්‍රදේශයේ කාමරයේ මාස දෙකක පමණ කාලයක්‌ රැඳී සිට පත්තරයක පළවූ දැන්වීමකට අනුව ගල්ගමුව ප්‍රදේශයේ සාලියවැව 17 කණුව හන්දියෙන් මීටර් 200 ක්‌ පමණ ගිය විට හමුවන වත්තේ ඇති පොල්ලෙලි කටර් එකක රැකියාවක්‌ සඳහා ගොස්‌ එහි කම්කරු නිවාසයක නතරවී රැකියාව කර ඇත.
 
මාස තුනක කාලයක්‌ එහි සිට පිළිකා රෝගයෙන් පෙළෙන තම අම්මාව මහරගම පිළිකා රෝහලට රැගෙන යෑම සඳහා නිවසට පැමිණි අවස්‌ථාවේ තරුනයා අත්අඩංගුවට පත්වී තිබේ. දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා යොමුකර වැඩිදුර විමර්ශන කරගෙන යයි. 

Under the courtesy of divaina.com news web


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka