Tuesday, March 24, 2020

"මල්ලීගේ බිරිඳ ඝාතනය කිරීමට තැත් කළ" අයියා පොලිස් දැලේ

කාන්තාවකගේ ගෙල රෙදි පටියකින් සිර කර හිස මතට ගලක් අතහැර ඇයව ඝාතනය කිරීමට තැත් කළ පුද්ගලයෙක් ඌරුබොක්ක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඔහු මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 07 දක්වා රක්ෂිත
බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාර කර ඇත්තේ බෙරලපනාතර කොබෝමෑල්ලවත්තේ පදිංචි කදිරේෂන් ගනේෂන් (43) නම් පුද්ගලයෙකි.

ඊයේ (23) පෙරවරු 6ට රජය විසින් පනවා තිබූ ඇඳීරිනීතිය ඉවත් කිරීමෙන් පසු සිය නිවසට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන ඒම සදහා ඌරුබොක්ක නගරයට පාගමනින් යමින් සිටී 34 හැවිරිදි සුභමනියම් චන්ද්‍රිකා නම් දෙදරු මවගේ ගෙල සිරකර පසුව අසළ පිහිටි තේ වත්තට ඇදගෙන ගොස් එහි තිබූ කළු ගලක් හිස මතට අතහැර ඇය ට බරපතල තුවාල සිදුකර තිබෙනවා.

ඇය ගේ දකුණු ඇසට සහ කණට බරපතල තුවාල සිදුව ඇති අතර තුවාල ලැබූ කාන්තාව ඌරුබොක්ක හීගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇඹිලිපිටිය මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

ඇය මේ වනවිට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

එම කාන්තාවට වයස අවුරුදු 14 සහ 11 වයස්වල පසුවන පාසල් යන දරුවන් දෙදෙනෙකු සිටින බවත් ස්වාමි පුරුෂයා බේරුබැවුල වත්තේ තේ කර්මාන්ත ශාලාවේ මුරකරුවකු ලෙස රැකියාව කරන බවත් සිද්ධියට සම්බන්ධ සැකකරු තුවාල ලබා සිටින කාන්තාවගේ ස්වාමි පුරුෂයාගේ අයියා වන බවත් වාර්තා වේ.

සැකකරු බෙරලපනාතර කොබෝමෑල්ල වත්තේ පදිංචිකරුවකු වන අතර දැන් සති දෙකක පමණ කාලයක සිට සිය මල්ලීගේ නිවසේ සිටිමින් මල්ලීට සහ නෑනා ඇතුළු දරුවන්ට උදව් කරමින් සිටි බව පැවසේ.

සිද්ධිය වූ දිනයේ සැකකරු, තුවාලකාරිය ඌරුබොක්කට යාමට පැමිණීමට පෙර පැමිණ තේ කර්මාන්ත ශාලාවට යන මාර්ගයේ රැඳී සිට ඇති අතර එම මාර්ගයෙන් පැමිණි තම නෑනා සමග බහින් බස් වීමක් සිදුව ඇති අතර පසුව එය  දුරදිග යාම හේතුවෙන් මෙම සිද්ධිය සිදුව ඇතැයි වාර්තා වේ.

ගෙල රෙදි පටියකින් සිර කර තේ වත්තට රැගෙන ගොස් හිසට ගලක් අතහැර දැමීමෙන් පසුව කාන්තාවගේ සිහි මුර්ජා වී ඇති අතර ඇය මිය ගොස් ඇති බවට සිතූ සැකකරු ඌරුබොක්ක පොලීසියට පැමිණ මේ බව දන්වා තිබෙනවා.

පසුව සැකකරු අත්අඩංගුවට ගෙන කාන්තාව මරා දැමූවා කියන ස්ථානයට පොලීසිය ගොස් සොයා බැලීමේ දී කාන්තාව මියගොස් නැති බවට තහවුරු වීමෙන් පසුව ඇය ව රෝහල්ගත කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

ඌරුබොක්ක- අතාවුද පතිරණ

under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka