Monday, March 9, 2020

සල්මන් මාගේ වාසනාවේ තාරකාව....! බොලිවුඩය කළඹන සිංහල කෙල්ල ජැකලීන් ෆර්නෑන්ඩස්...

මිනිස්සු අපි ගැන මොන කතා කීවත් ඒ ගැන අපි හිතන්නෙ නැහැ
 
ලෝක සිනමාව කියන්නේ ලංකාවේ අපිට හීනයක්. නමුත් ඒ හීනය ජයගත්තු චරිත රැසක් අපිට පසුගිය කාලේ දකින්න ලැබුණා. නමුත් අද අපි මේ කතා කරන්න යන චරිතය තරම් ලෝක සිනමාව ඇතුළේ ආදරය දිනාගත්තු චරිතයක් තවත් හිටියද කියන එක නම් ප‍්‍රශ්නාර්ථයක්. ජැකලීන්. නම අහපු ගමන්ම ඔයාලගෙ හිතේ ඇදෙන්නේ සුන්දර යුවතියක්. ඔව්, එයා තමයි අද අපේ කතා නායිකාව. ලාංකේය සම්භවයක් සහිත ජැකී අද බොලිවුඩයේ ඉන්න තැන ගැන ලංකාවේ අපි ඇත්තටම ආඩම්බර වෙන්න ඕනෑ. ඇය ඒ
තරමටම වාසනාවන්තයි. කොහොම නමුත් ජැකී පහුගිය කාලෙ ටිකක් නිහ`ඩ වෙලා හිටියා. අපි බලමු ජැකී මොනවද මේ දවස්වල කරන්නේ කියලා.

ජැකී ඉපදෙන්නේ 1985 අගෝස්තු 11 වැනිදා. ඒ කියන්නෙ දැන් ජැකීට වයස අවුරුදු 34ක්. 2006 වසරේදී මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා තරඟය ජයග‍්‍රහණය කරමින් නිරූපිකාවක් විදිහට තමන්ගේ ජීවිතය පටන් ගන්නා ජැකී නිළියක් විදිහට කල එළි බහින්නේ 2009 වසරේ සිටයි. ඒ Aladin චිත‍්‍රපටයේ රංගනයත් සමගයි. ජැකීට තියෙන්නේ මිශ‍්‍ර සම්භවයක්. ශ්‍රී ලංකා මලයාසියා සහ කැනේඩියා සම්බභයක් සහිත ඇය හැම අවස්ථාවකදීම කට පුරා කියන්නේ ඇය ශ්‍රී ලාංකික කියලා. ඒ නිසා තමයි අපි ඇය ගැන ආඩම්බර වෙන්න ඕනෑ. ඇය හරිම කෙළිලොල් වගේම මිත‍්‍රශීලී. හැමෝමත් එක්ක හිනා වෙලා ඉන්න තමයි ඇයට අවශ්‍ය. ජැකී එක්ක එක පාරක් කතා කරන කෙනෙක් ඇගේ සදාකාලික මිතුරෙක් වෙනවා කියන එක හැමෝම දන්න රහසක්.
 
මොනතරම් දඟකාරකම් කළත් ජැකී කියන්නෙ බුද්ධිමත් තරුණියක්. සිඞ්නි විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදන උපාධියක් පවා හිමි කරගෙන ඉන්න ජැකී තීරණ ගන්නෙත් ගොඩක් බුද්ධිමත් විදිහට. 2006 වසරේදීම විශ්ව රූ රැුජන තරඟය ස`දහා ලංකාව නියෝජනය කළ ජැකී වර්තමානයේ බොලිවුඩයේ ඉදිරි පෙළේ නිළියක්. ඇලඩින් චිත‍්‍රපටයෙන් පස්සේ ඇය රංගනයෙන් දායක වූ Murder 2 (2011) චිත‍්‍රපටය තමයි වාණිජ සාර්ථකත්වයක් ලැබූ පළමු චිත‍්‍රපටය වුණේ්. Murder 2  (2011) චිත‍්‍රපටයෙන් ලබපු සාර්ථකත්වය නිසාම ඇයට තවත් චිත‍්‍රපට දෙකකටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ House full 2 (2012), Race 2 (2013).
 
ඊට පස්සෙ ජැකීව බොලිවුඞ්වලට නැතිවම බැරි තාරකාවක් බවට පත් වෙනවා. Kick (2014) House full 3 (2016) Judawa 2 (2017) වැනි චිත‍්‍රපට ඇයව ජනප‍්‍රියත්වයේ ඉහළටම අරගෙන එනවා. විශේෂයෙන්ම කික් කියල කියන්නේ ජැකීගේ ජීවිතේ හැරවුම් ලක්‍ෂ්‍යයක්. සල්මන් ඛාන් එක්ක ඇය කළ රංගනය කා අතරත් කතාබහට ලක්වුණා. නැවතත් ඇය රේස් චිත‍්‍රපටය හරහා සල්මන් එක්ක හො`ද සම්බන්ධතාවක් ගොඩනගන්න සමත් වුණා. සමහරු කිව්වේ කැතීගෙන් හිස් වුණු සල්මන්ගේ ජීවිතේට ජැකී ගොඩවැදිලා කියලයි. නමුත් ජැකී ඒ හැම කතාවක්ම ප‍්‍රතික්‍ෂේප කරන්නේ මෙන්න මෙහෙමයි.

 ”ඇත්තටම සල්මන් මාගේ වාසනාවේ තාරකාව. එයා මගේ හො`දම හො`ද යහළුවෙක්. මට හින්දි භාෂාව ඉගෙනගන්නත් උදව් කළේ සල්මන් තමයි. මිනිස්සු අපි ගැන මොන කතා කීවත් ඒ ගැන අපි හිතන්නෙ නැහැ. අපි ගැලපෙන්නේ තිරයෙදි විතරයි.”
 
සල්මන් හැරුනම ජැකී මේ වෙනකොට බොලිවුඩයේ අතිශය ජනප‍්‍රිය චරිත රැුසක් එක්කම තිරයේ එකට වැඩ කරල තියෙනවා. ඒක නවක නිළියකට පහසු කාර්යයක් නෙවෙයි. අමිතාබ් භච්චන්, ජෝන් ඒබ‍්‍රහිම් වරූන් ධවාන්, ටයිගර් ෂොරොෆ්, රිතේෂ් දේශ්මුක්, ආක්ෂය කුමාර්, සිද්ධාර්ත් මල්හෝත‍්‍රා වගේ ජනප‍්‍රිය නළුවන් එක්ක වැඩ කරන්නත් ඇය වාසනාවන්ත වුණා. 2016 සහ 2017 වසරවලදී ඇය ඉන්දියානු කලර්ස් රූපවාහිනී නාලිකාවේ විකාශය වූ ජලක් දිල්කා ජා 09 වන වැඩසටහනේ විනිසුරුවරියක් විදිහටත් කටයුතු කළා.
 
ඉන්දියාවේ නර්තන අධ්‍යක්‍ෂකවරුන් ජැකී එක්ක වැඩ කරන්න ගොඩක් කැමතියි. එයා බොහොම ඉක්මනට ඕනෑම ස්ටෙප් එකක් අල්ල ගන්නවා. ඒ වගේම ඇය නර්තනයේ යෙදෙනකොට බොහෝ දෙනා ඒ වෙත ආකර්ශනය වෙන්නේ නිරායාසයෙන්. ඇයට ඕනෑම නර්තන ශෛලියක් ඉතාමත් ඉක්මණින් ප‍්‍රගුණ කරන්න පුළුවන්. ජනප‍්‍රිය නර්තන අධ්‍යක්‍ෂකවරයකු වන රේමෝ ද සූසා ඔහු ගේ ගීත වගේම චිත‍්‍රපටවලටත් නිතරම යොදාගන්නේ ජැකීව. ඇගේ සිරුර ඒ තරම්ම නම්‍යශීලී බව තමයි ඔහු කියන්නේ. ඒ නිසාම වෙන්න ඇති රේමෝ එක්ක ජැකීගේ සම්බන්ධයක් තියෙනවා කියලත් කට කතා පැතිරිලා ගියේ.
 
ඒ විතරක් නෙවෙයි. ජනප‍්‍රිය චිත‍්‍රපට අධ්‍යක්‍ෂක සහ නිෂ්පාදක සජීඞ් නඩියවාලා එක්ක ජැකීගෙ සම්බන්ධයක් තියෙන බවත් ඇය තමන්ව ඔහු ගේ චිත‍්‍රපටවලට ගන්න කියල බල කරනවා කියලත් කීවා. නමුත් ජැකී ඒ ප‍්‍රශ්නවලට උත්තර දෙන්නේ සිනා මුසු මුහුණින්. ජැකීට බොලිවුඩයේ සමීප යහළුවෝ නැහැ. ඇය හැමෝමත් එක්ක සුහදව ඉන්න කෙනෙක්. නළුවන් වගේම නිළියන් කියන්නෙත් ජැකී එක්ක වැඩ කරන්න පහසුයි වගේම ඇය ඉතාමත් සුහදශීලී යුවතියක් වන බවයි. අර්ජුන් රම්පාල් සහ රන්බීර් කපූර් එක්ක ඇය ප‍්‍රධාන චරිත රඟපෑ රෝයි චිත‍්‍රපටය අසාර්ථක එකක් වුණත් ජැකීගේ සාර්ථකම රංගනය ඇතුළත් වෙන්නේ ඒ චිත‍්‍රපටයේ කියලයි විචාරකයින් කියන්නේ. බොලිවුඞ් විතරක් නෙවෙයි ජැකී මේ වෙනකොට හොලිවුඞ්වලටත් ගිහින් ඉන්නේ ඒ Definition of fear චිත‍්‍රපටය හරහා. 2017 වසරේදී චන්ද්‍රන් රත්නම්ගේ According to Mathew චිත‍්‍රපටය හරහා සිංහල සිනමාවට ද පිවිසි ජැකලීන් නිතරම අලූත් දේවල් ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්. චිත‍්‍රපටිවල ජැකී නටන්නෙ ඇඟට දැනෙන්නෙ නැති විදිහට. ඒක වෙන කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පහුගිය කාලේ ජැකී තමන්ට ලැබුණු ජනප‍්‍රිය චරිත කිහිපයක්ම ප‍්‍රතික්‍ෂේප කළා. ඒ ඇයි කියන්න කවුරුත්ම දැන ගෙන හිටියේ නැහැ. නමුත් මෑතකදී ඇය මාධ්‍යයට කියල තිබුණේ් ඇය එහෙම කළේ අලූත්ම චිත‍්‍රපටයක රංගනය වෙනුවෙන් මාර්ෂල් ආර්ට් ඉගෙනගන්න කාලය වැය කරපු නිසා කියලයි. අවසානවරට අපි ඇයව දැක්කේ සුසාන්ත් සිං රාඡ්පූත් එක්ක ඇය රඟපෑ Drive චිත‍්‍රපටයෙන්. ඒ වගේම ඇය ඉදිරියේදී Mrs Serial Killer සහ ඇටෑක් කියන චිත‍්‍රපටවලින් පේ‍්‍රක්‍ෂකයින් අතරට එන්නත් සූදානම්.

 අමිල නුවන් මධුසංඛ

 under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka