Sunday, March 15, 2020

කොරෝනා බවට සැකකෙරෙන පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරකු ගැන පරීක්ෂණ

වෛද්‍යවරයා යම්කිසි වරදක් සිදුකර ඇත්නම් ඊට අදාළව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇත
 
මීගමුව රෝහලට ඇතුළත් කර ඇති කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට සැකකෙරෙන පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව අදාළ වෛද්‍යවරයා යම්කිසි වරදක් සිදුකර ඇත්නම් ඊට අදාළව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලීමක් කළ බවයි එම සංගමය සඳහන් කළේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන පුද්ගලයින් මීගමුව රෝහලට ඇතුලත් කිරීමත් සමඟ එම රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් පිරිසක් අද අදාළ රෝගීන් පරීක්ෂා කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවට තොරතුරු වාර්තා වුණා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ එක් විශේෂඥ වෛද්‍යවරයෙකු මූලික වී මෙම කටයුත්ත සිදුකර ඇති බවටයි.

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka