Tuesday, March 17, 2020

මිනිසුන් යොදා ගෙන 'කොරෝනා එන්නතක්' අත්හදා බැලේ. ප්‍රථම එන්නත දෙදරු මවකට

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ලොව පුරා විවිධ රටවල් වෛද්‍ය පර්යේෂණ සිදු කරමින් සිටී.

එවැනි එන්නතක් ප්‍රථමවරට මිනිසුන්ට අත්හදා බැලීම ඇමෙරිකාවේ ආරම්භ කර තිබේ. සියැටල් හි පිහිටි පර්යේෂණාගාරයක දී සිව් දෙනෙකුට එම අත්හදා බැලීමේ එන්නත ලබා දුනි.
එම එන්නත නිසා කොවිඩ් -19 නොසෑදෙන බව තහවුරු වී ඇත. නමුත් එම එන්නත වැඩි දියුණු කිරීම සඳහා හානිකර නොවන ජාන කේත වෛරසයෙන් උකහා ගෙන ඇති බව වාර්තා වේ.

මෙම එන්නතේ සාර්ථකත්වය දැන ගැනීම ට මාස කිහිපයක් ගතවිය හැකි බව පැවසේ.

සියැටල් හි වෙසෙන දෙදරු මවකට එම පරීක්ෂණ එන්නත ප්‍රථමවරට ලබා දුනි. "යමක් කිරීමට ලැබුණු හොඳ අවස්ථාවක් ලෙස මා මෙය දකිනවා," ජෙනිෆර් හෝලර් මාධ්‍යට පැවසුවාය. 

මේ අතර ලොව පුරා කොරෝනා වෛරසය මරණ සංඛ්‍යාව මේ වන විට 7000 ඉක්මවා තිබෙනවා.

මුළු ආසාදිත සංඛ්‍යාව ද 180,000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය බ්‍රහස්පතින්දා සිට ඉතාලියේ කොවිඞ් නයින්ටීන් මරණ දෙගුණයක් වීම විශේෂත්වයක්.

එමෙන්ම, මීට දින 15කට පෙර ඉතාලියේ සිටි 15,000ක් වූ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වන විට 28,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය දින දෙක තුළ පමණක් ඉතාලියෙන් වාර්තා වූ කොරෝනා වෛරසය මරණ සංඛ්‍යාව 700කට අධික බවයි වාර්තා වන්නේ.

මැලේසියාව තම රටේ වැසියන්ට රටින් නික්මීම සහ විදේශිකයන්ට රට තුළට ඇතුළුවීම සති දෙකකට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ලොව පුරා කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව මේ වන විට 7000 ඉක්මවා ඇති අතර, මුළු ආසාදිත සංඛ්‍යාව ද එක්ලක්ෂ 80,000 ඉක්මවා තිබෙනවා.

ඉතාලියේ පමණක් ගත වූ පැය 24 තුළ නව කොරෝනා මරණ 349ක් වාර්තා වූ අතර, ඒ අනුව එරට මුළු මරණ සංඛ්‍යාව 2158 දක්වා ඉහළ යනවා.

පසුගිය බ්‍රහස්පතින්දා සිට ඉතාලියේ කොවිඞ් නයින්ටීන් මරණ දෙගුණයක් වීම විශේෂත්වයක්.

එමෙන්ම, මීට දින 15කට පෙර ඉතාලියේ සිටි 15,000ක් වූ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වන විට 28,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය දින දෙක තුළ පමණක් ඉතාලියෙන් වාර්තා වූ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 700කට අධිකයි.

ඉතාලියට අමතරව ජර්මනිය සහ ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල් රැසක්ම කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීම සඳහා සමාජ සම්බන්ධතා සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඉතාලිය සහ ස්පාඤ්ඤ මගින් ක්‍රියාත්මක කර ඇති නිරෝධායන ක්‍රියාවලියට සමගාමීව පුද්ගල සංචරණය සීමා කරමින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ද නව පියවර ප්‍රකාශයට පත් කළේ ප්‍රංශය සෞඛ්‍යමය යුද්ධයකට එළඹෙන බව පවසමින්.

ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ යුරෝපා සංගමයේ පිටත දේශසීමාවන් අද සිට සංචාරකයන්ට වසා තැබෙන බවයි.

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ද එරට ජනතාවට දැනුම් දුන්නේ සියළු බ්‍රිතාන්‍යවාසීන් අන් පුද්ගලයන් සමඟ අත්‍යාවශ්‍ය නොවන සබඳතා අත්හළ යුතු බවයි. 

මැලේසියාව තම රටේ වැසියන්ට රටින් නික්මීම සහ විදේශිකයන්ට රට තුළට ඇතුළුවීම සති දෙකකට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

එරට අග්‍රාමාත්‍ය මුහුයුද්දීන් යාසින් රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශ කළේ එම පියවර බදාදා සිට ක්‍රියාත්මක කෙරෙන බවයි.

එය කොරෝනා වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ජන සංචරණය සීමා කිරීමේ තවත් පියවරක් ලෙසයි හඳුන්වා ඇත්තේ.

නව පියවර අනුව ලබන 18 වන දා සිට 31 වන දා දක්වා සියළුම මැලේසියානු වැසියන්ට රටින් නික්මීම තහනම් වනවා.

විදේශිකයන්ට එම කාලය තුළ මැලේසියාවට ඇතුළුවීම ද තහනම්. කෙසේ නමුත් නැවත රටට පැමිණෙන මැලේසියානුවන් සෞඛ්‍ය පරීක්ෂාවකට මෙන්ම දින 14ක නිරෝධායනයක ද ලක් කරන බවයි එරට රජය නිවේදනය කළේ.

මීට අමතරව මැලේසියාව පුරා සියළුම මහජනයා ගැවසෙන සියළුම උත්සව සහ ආගමික හා සංස්කෘතික වැඩසටහන් ද අවලංගු කෙරෙනවා.

සියළුම පාසල්, ව්‍යාපාරික ස්ථාන සහ ආගමික ස්ථාන ද වසා තැබීමටයි තීරණය කර ඇත්තේ.


under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka