Monday, March 16, 2020

කොරෝනා ව්‍යාප්තිය වැලැක්විමට අදාළ නව චක්‍රලේඛයක්

මෙම කාර්ය සාධන බලකාය වෙත තොරතුරු ලබාදිමට සහ අවහය සහාය ලබාදිමට 117 දුරකථනය ඔස්සේ සම්බන්ධ ව ලෙසද එම චක්‍රලේඛයේ සඳහන් වෙයි.

කොරෝනා වෛරසය තවදුරටත්  ලංකාවේ ව්‍යාප්ත විම වලක්වා ගනු පිණිස අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන
අමාත්‍යාංශයේ නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාව තුළින් සැලකිය යුතු කොරෝනා අසාදිත රෝගින් සංඛ්‍යාවක් හමුවි ඇති නිසා මෙම රෝග තත්ත්වය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය විම වලක්වා ගනු පිණිස කටයුතු කිරිම සියලුම රාජ්‍ය , අර්ධ රාජ්‍ය , පෞද්ගලික අංශයේ ආයතනවල මෙන්ම මහජනතාවගේද වගකිමක්ද වනු ඇති බව රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නව චක්‍රලේඛයේ සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් , ප්‍රධාන ලේකම්වරුන් දිස්ත්‍රික් ලේකම්වරුන් ,දිසාපතිවරුන් , සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් , සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානින් , ප්‍රාදේශිය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරින් වෙත රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ට්ආරච්චි මහතාගේ අත්සනින් යුතුව මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

මෙම කොරෝනා රෝග තත්ත්වය පාලනය කිරිමට පත්කර ඇති කොරෝනා මර්දන කාර්ය සාධන බලකාය බස්නාහිර පළාත් ආණ්ඩුකාර සිතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර මාවතේ ස්ථාපනය කර තිබේ. මෙම කාර්ය සාධන බලකාය වෙත තොරතුරු ලබාදිමට සහ අවහය සහාය ලබාදිමට 117 දුරකථනය ඔස්සේ සම්බන්ධ ව ලෙසද එම චක්‍රලේඛයේ සඳහන් වෙයි.

මීට සමගාමිව සියලුම දිස්ත්‍රික්ක ලේකම්වරුන් , ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් සහාය ලබාගෙන තම කාර්යාල තුළ කොරෝනා මර්දන තොරතුරු වාර්තා කරන මධ්‍යස්ථානයක් ආරම්භ කල යුතුය. එමෙන්ම කෙරෝනා මර්දන තොරතුරු වාර්තා කරන මධ්‍යස්ථානය වෙත සහාය ලබාදෙනු පිණිස අදාල කාර්යාල අයත්වන පොලිස් ස්ථානාධිපති විසින් එම එකකයට සහාය පිණිස පොලිස් නිලධාරියෙකු අනුයුක්ත කරනු පැබිය යුතුයි.  මේ අනුව ගම් මට්ටමේදි ඒ ඒ ග්‍රාම නිලධාරි වසම් භාර ග්‍රාම නිලධාරි , පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි ආර්ථික සංවර්ධන නිලධාරි , කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි ,සමෘද්ධි සංවර්ධන නිලධාරි සියලු දෙනාගේ සහයෝගයෙන් ගම් මට්ටමින් ග්‍රාම නිලධාරි වසමේ පිහිටුවා ඇති ග්‍රාමිය සිවිල් ආරක්ෂක කමිටුව හෝ ග්‍රාමිය ඩෙංගු මර්දන කමිටුව හා එක්ව කටයුතු කළ යුතුවේ.

ආසාදිත යැයි සැක පුද්ගලයින් සිටී නම්   ඒ පිළිබඳව ග්‍රාම නිලධාරී ,සෞඛ්‍ය , ආරක්ෂක  ඇතුළු අදාළ  අංශ දැනුම්වත් කර  එම පුද්ගලයින් නිරෝධායනයට යොමු කළ යුතු අතර , විදෙස්ගතව පැමිණ නිරෝධායන සඳහා යොමු කරනු ලබන පුද්ගලයින් සහ ස්වයං නිරෝධායනට යොමු වන පුද්ගලයින්ට  අවශ්‍ය  විශේෂ නිවාඩු ආයතන සංග්‍රහයේ XXII ජේදයේ 12:9 හා XXVIII ජේදයේ 13:1:2  වගන්තිය අනුව ලබා දීම අදාළ අමාත්‍යංශ ලේකම්,දෙපාර්තමේන්තු ප්‍රධානීන්  විසින් කළ යුතු බවද එහි දක්වා තිබේ.

එමෙන්ම විවිධ කටයුතු සඳහා  රාජ්‍ය ආයතනවලට පැමිණෙන මහජනතාව අවම කිරීමට අවශ්‍ය  පියවර ගත යුතු අතර,  මහජන දිනයේදී කාර්යාලට වලට පැමිණෙන ජනතාවගේ ගැටලු දුරකතන හා විද්‍යුත් තැපෑල මගින් ලබාගෙන විසඳුම් ලබා දීමට මෙන්ම සියලුම රාජ්‍ය සේවකයින්ට,මහජනතාවට  විෂබීජ වලින් ආරක්ෂා වීමට කාර්යාලයට පැමිණිමෙන් පසු විෂබිජානුහරණය,අත්සේදීම් දියර, ලබා දීම ආයතනය විසින් කළ යුතුය.

කොරෝනා වයිරසය පිළිබඳව  කාලීන තොරතුරු අවශ්‍යනම්  සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් අඩවියෙන් (http://WWW.epid.gov.lk)  ලබා ගත  බවත් , වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා වසංගත රෝග විද්‍යා අංශයෙන් ලබා දී ඇති උපදෙස් මාලාව  ඇතුළත් වසංගත රෝග විද්‍යා අංශ වෙබ් අඩවියේ දිගුවක් ( link) අදාල ආයතනයනිහි වෙබ් අඩවියේ ඇතුළත් කිරීමට  කටයුතු කරන ලෙසද  අදාළ සියලු ආයතනවලට  මෙම චක්‍රලේකය මගින් දැනුම් දී තිබේ.

මේ පිළිබඳව අසත්‍ය ප්‍රචාර සිදු කරන්නන්  පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්  පිළිගත් මුලාශ මත පදනම්ව තොරතුරු ලබාගන්නා ලෙසත් චක්‍රලේඛය මගින් දැනුම්වත් කර ඇති අතර  රජයේ වැඩපිළිවෙලට සහය ලබා දෙන ලෙසත් එම චක්‍රලේඛයේ වැඩිදුරත් සඳහන් කර තිබේ. 

under the courtesy of ada.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka