පෙම්වතා 40 හැවිරිදි අයෙක් ළු
18 හැවිරිදි තම ළාබාල පෙම්වතිය මත්කුඩු භාවිතයට (හෙරොයින්) අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා වරින් වර සළෙළුන්ට මුදලට විකුණූ බව කියන පෙම්වතකුට එරෙහිව නීතිපතිවරයා විසින් මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා හමුවේ නඩු පවරා අධිචෝදනා පත්‍රය භාර දෙන ලදී.
තම පෙම්වතිය මුදලට විකිණීමේ චෝදනා ලැබූ විත්තිකරු වූයේ (පෙම්වතා) කටාන නැගෙනහිර කළුවාරිප්පුව දිසාගෙවත්ත පදිංචි 40 හැවිරිදි අයෙක්‌ය 2016 ජූලි මස සිට 2016 ඔක්‌තෝබර් මස දක්‌වා
අතර කාලය තුළ තම පෙම්වතිය මුදලට විකිණීමට සම්බන්ධයෙන් ඔහු අධිචෝදනා ලබා ඇත.
නඩුව කැඳවූ අවස්‌ථාවේ පැමිණිල්ලෙන් හෙළිදරව් වූ කරුණු අනුව මෙහි විත්තිකරු මත්ලෝලී 40 හැවිරිදි විවාහකයෙකි. මොහුට අහම්බෙන් 18 හැවිරිදි තරුණියක් හමුවී ඇත. පසුව ඇය විත්තිකරු විසින් තම පෙම්වතිය බවට පත්කර ගෙන ඇත.
එම තරුණිය මෙහි විත්තිකරු තදින් මත්ලෝලියකු බවත් විවාහකයකු බවත් නොදැන සිටියාය. තදින් කුඩු මතට ඇබ්බැහි වූ විත්තිකරු පසුව තම පෙම්වතිය ඇගේ නිවසින් පැහැර ගෙන ගොස් ඔහු ළඟ තබාගෙන සිටියේය. පසුව විත්තිකරුට මත්කුඩු පානය සඳහා මුදල් අවශ්‍ය වූ විට විත්තිකරු සළෙළුන්ට තම පෙම්වතිය රුපියල් 3000 බැගින් අයකොට ඔවුනට පෙම්වතිය ලබාදී ඇත.
එම ක්‍රියාවලියට ඇය අකමැති වූ විට ඇයට දරුණු ලෙස පහරදීම විත්තිකරු පුරුද්දක් කොටගෙන ඇත. මෙම තාඩන පීඩන ඉවසිය නොහැකිවූ තැන පෙම්වතිය විසින් කටාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කොට තිබේ. රජයේ අධිනීතිඥ මලික් අසීස් මහතා පැමිණිල්ල මෙහෙයවීය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ මනේෂ් වෑවිට මහතා පෙනී සිටියේය. කටාන පොලිසියේ පො.කො. (82685) උදයකුමාර මහතා පැමිණිල්ලට සහය විය. වැඩිදුර විභාගය මාර්තු මස 19 වැනි දින පැවැත්වේ.

under the courtesy of divaina.com news web