Thursday, March 5, 2020

‘වැලන්ටයින් වන්නම’ අධිකරණය හමුවට

පෙරහුරු පරීක්‍ෂණයක්ද සිදුකරමින් පෙම්වතුන්ගේ දිනය 14 වැනිදා මහ අමුතුම ආකාරයෙන් සැමරූ පෙම්වතෙක්
 
වසය අවුරුදු 15ක දැරියක් සමගින් කලින් දිනකදී පෙරහුරු පරීක්‍ෂණයක්ද සිදුකරමින් පෙම්වතුන්ගේ දිනය 14 වැනිදා මහ අමුතුම ආකාරයෙන් සැමරූ පෙම්වතෙක් හා ස්ථානීය පහසුකම් සපයමින් ආධාර අනුබල දුන් බවකියන තවත් අයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් කාන්තා හා ළමා කාර්යංශය පවසයි.

දැරියකට බරපතළ ලෙස අතවර කළ බවට සැකපිට එලෙසින් අත්අඩංගුවට ගෙන තිබුණේ වයස අවුරුදු
18ක පෙම්වතෙක් හා එම නිවස අදාල කාර්ය සඳහා ලබාදී තිබූ වයස අවුරුදු 22ක විවාහක අයෙකි.
 

කලක පටන් පේ‍්‍රම සම්බන්ධයක් පවත්වමින් දුරකථනය ඔස්සේ නිරන්තරයෙන් පෙම්බස් දොඩමින් සිට පෙබරවාරි මාසයේ වැලන්ටයින් දිනය (14) දින රාත‍්‍රීයේ දැරියගේ නිවසට ගොස් දැරිය කැටුව විත් අතවර කර ඇති බවට දැරියගේ මවගෙන් ලද පැමිණිල්ලකට අනුව අනාවරණය කරගෙන තිබිණි. එමෙන්ම දැරියගේ ප‍්‍රකාශ අනුව පෙම්වතුන්ගේ දිනය එලෙසින් සමරමු යැයි යෝජනා කළ පෙම්වතා එදිනට පෙරදිනකද රාත‍්‍රියේ පැමිණ පෙරහුරුවක් සිදුකළ යුතු යැයි පවසමින් දැරිය රැුගෙන ගොස් එම නිවසේදීම නිවෙස් හිමිකරුගේ සහය මත දැරිය අපයෝජනයට ලක්කොට තිබූ බවද අනාවරණය කරගෙන තිබිණි.
 
සිද්ධිය ස්ථානයට වාර්තාවී කෙටිකලකදී ක‍්‍රියාත්මක වූ පොලිසියට පැයක් ඇතුළත සැ`ගව සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත. එමෙන්ම දැරියගේ හා සැකකරුගේ ප‍්‍රකාශ අනුව නිවස ලබාදී ආධාර අනුබල ලබාදුන් සැකකරුද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර දැරිය වෛද්‍ය පරීක්‍ෂණ ස`දහා රෝහල්ගතකර තිබිණි.
 
කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක, පොලිස් අධිකාරි රෝහණ ගමගේ යන මහත්වරුන්ගේ
 
උපදෙස් මත වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්‍ෂක නිලන්ත පේ‍්‍රමරත්න මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් ආරියසිංහ (17294), කාන්තා පොලිස් සැරයන් චතුරිකා (1259), කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වූ කමනි (142), මනීශා (4144) යන නිලධාරීන් පරීක්‍ෂණ සිදුකර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.

 කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

 under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka