මාරවිල පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 06ක පදිංචිකරුවන් හට වහාම ක්‍රියාත්මකවන පරිදි අද 29 මේ මොහොතේ සිට සිය නිවෙස් වලින් බැහැරට නොයන ලෙසට පොලීසිය විසින් නියෝගකර ඇත.
නාත්තන්ඩිය ප්‍රදේශයේ මරඳ ගැමුණු මාවතේ පදිංචි පුද්ගලයෙකු හට කොරෝනා වෛරසය අසාධනය වී ඇති බවට තහවුරු වාර්තා වීමෙන් අනතුරුව එම ප්‍රදේශ වන ඉහළ නාත්තන්ඩිය, පහළ නාත්තන්ඩිය, මැද නාත්තන්ඩිය ,මරඳඋතුර, මරඳදකුණ සහ හාල්පන්විල පදිංචිකරුවන් හට මෙම තහනම පනවා ඇත.මෙම කොරෝනා ආසාධිත පුද්ගලයා ඉන්දියාවේ සිට පසුගිය 12වන දින මෙරටට පැමිණ ඇති අතර නිරෝධායනයකට ලක්නොවී මගහරිමින් සිටි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ. මෙතෙක් මෙරටින් වාර්තාවූ කොරෝනා රෝගීන් 115 දෙනා අතර මොහුද සිටින බව සඳහන්. ඔහු 12 වන දින සිට මේ දක්වා අවමංගල්‍ය උත්සව දෙකකට සහභාගී වීඇති අතර පුද්ගලයින් විශාල සංඛ්‍යාවක්ද ආශ්‍රය කර ඇති බවට තොරතුරු හෙලිවී ඇත.
මේ පිළිබඳව නාත්තන්ඩිය සහ මහවැව මහජන සෞඛ්‍යය වෛද්‍ය නිළධාරීවරුන්වන වෛද්‍ය උපුල් ජයතිලක මහතාගෙන් සහ වෛද්‍ය හේමන්ත ප්‍රනාන්දු මහතාගෙන් සිදුකළ විමසීමකදී ඔවුන් පවසා සිටියේ මෙම ග්‍රාමසේවා කොට්ඨාසවල සියලූ නිවැසියන් තම නිවෙස්වලම ස්වයං නිරෝධායනයකට ලක්කර මොනම හේතුවකටවත් බැහැරට යාමට නොදෙන ලෙසයි.
වීහේණ අනුරාධ
under the courtesy of mawbima.lk news web