Monday, March 16, 2020

ස්වයං නිරෝධායනවලට යොමුවන අයට ආයතන සංග්‍රහය යටතේ නිවාඩු

රාජ්‍ය ආයතනවලට පැමිණෙන මහජනතාව අවම කරගත යුතු

විදේශගතව සිට පැමිණෙන නිරෝධායන කටයුතු සඳහා යොමු කරන පුද්ගලයින් සහ ස්වයං නිරෝධායන කටයුතුවලට යොමුවන පුද්ගලයින්ට අවශ්‍ය කරන විශේෂ නිවාඩු ආයතන සංග්‍රහය යටතේ ලබාදීමට
අමාත්‍යාංශ ලේකම් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් කටයුතු කළ යුතු වෙයි.

රාජ්‍ය ආයතනවලට පැමිණෙන මහජනතාව අවම කරගත යුතු අතර මහජන දිනයේ දී ජනතාව කාර්යාලයට පැමිණීම සීමා කිරීම සඳහා දුරකතන, ඊ- මේල් වැනි මාධ්යර ඔස්සේ ගැටළු නිරාකරණයට පියවර ගත යුතු වෙයි.

සියලූම රජයේ කාර්යාලවලට පැමිණෙන රාජ්‍ය නිලධාරීන් සහ මහජනතාව විෂ බීජවලින් ආරක්ෂා කිරීම සඳහා පියවර ගත යුතු අතර පුහුණු වැඩසටහන් හා රැස්වීම් තාවකාලිකව නතර කළ යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වෙයි.

මේ අතර කොරෝනා රෝග තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත වන්නේ නම් රජයේ කාර්යාලවල කටයුතු සීමා කිරීමට සිදුවිය හැකි බැවින් එහිදී මාණ්ඩලික ප්‍රධානීන් සහ අත්‍යාවශ්‍ය සහයක නිලධාරීන් පමණක් කාර්යාල වෙත වාර්තා කිරීම අදාල උපදෙස් පරිදි සිදුකළ යුතුයි.

under the courtesy of adaderana.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka