අනුරාධපුර බන්ධනාගාරයේ තුළ ඇතිවූ නොසන්සුන් තත්ත්වයක් පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ නොසන්සුන්තාව අතරතුර රැඳවියන් පලායාම සඳහා ගත් උත්සාහය වැළැක්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් සිදුකරන ලද විරෝධතාවයක් පාලනය කිරීමට යාමේදී අද පස්වරුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.
එය පාලනය කිරීම සඳහා අනුරාධපුර පොලිස් නිලධාරීන් කැරළි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ද කැඳවා තිබුණා.
ඇති වූ නොසන්සුන්තාව අතරතුර බන්ධනාගාර රැඳවියන් පලායාමට උත්සාහ කර ඇති බව පොලිසිය සඳහන් කළා.
එය වැළැක්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
ඉන් තුවාල ලැබූ රැඳවියන් 6 දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණා.
ඒ අතරින් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.
පොලිසිය පැවසුවේ පස්වරුවේ ඇති වූ නොසන්සුන්තාව අතරතුර කිසිදු රැඳවියෙක් පැන නොගොස් ඇති බවයි.