මේ සමගි ජන බලවේගය තුළ කැපිලි කෙටිලි නැහැ.
එක්සත් ජාතික පක්ෂයේ වැදගත්කම, කොළ පාටේ වැදගත්කම, අලියා ලකුණේ වැදගත්කම ගැන තේරුම්
කරන්න කාගේවත් උපකාරක පන්ති මට අවශ්‍ය නැහැ. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අවසරය ලබාදුන්නු නිසයි අපි මේ වැඩසටහන ආරම්භ කරලා දැන් බොහෝ දුරක් ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ තරග කරලා දිනන්නට පමණක් යැයි සමගි ජන බලවේගයේ ප්‍රවර්ධන හමුවකට සහභාගි වෙමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය.
කරන්න කාගේවත් උපකාරක පන්ති මට අවශ්‍ය නැහැ. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අවසරය ලබාදුන්නු නිසයි අපි මේ වැඩසටහන ආරම්භ කරලා දැන් බොහෝ දුරක් ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ තරග කරලා දිනන්නට පමණක් යැයි සමගි ජන බලවේගයේ ප්‍රවර්ධන හමුවකට සහභාගි වෙමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය.
මෙම ජන හමුව හිටපු අමාත්‍ය විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් මාවනැල්ල විනස් ශාලාවේදී සංවිධාන කර තිබුණු අතර එම අවස්ථාවට එක්වූ සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවැසීය.
මේ වන විට වර්තමාන ආණ්ඩුවේ දින සියයක් ඉක්මවී ගොසින් තියෙන්නේ. මේ ගෙවුණේ බොරුව, මුළාව, මුසාව, වංචාව රජ කරපු දින සියයක්. සමහර අයට අමතක වෙන්න පුළුවන් අපි බලයට ඇවිත් දින සියයෙන් මොනවාද කළේ කියලා. දැන් මෙදා දින සියය කොහොමද? මම නම් එළවළු, පලතුරු වේදිකාවට ගෙනාවේ නැහැ. නමුත් මටත් අහන්න හිතෙනවා මේ වෙලාවේ වර්තමාන ආණ්ඩුවෙන් දින සියයෙන් පසුව සතුටුද කියලා. කාට හරි ඇඟට සැපක් හෙම දැනෙනවාද කියලා.
පොලිසියේ නිලධාරි මහත්ම මහත්මීන්ට රුපියල් පහළොස්දාහ සහ විසිදාහ වැඩිකිරීමට අපි ක්‍රියාත්මක කළා. මොකද කළේ ජනාධිපතිවරණ කාලයේදී මේවා කරන්න බැහැ කියලා මැතිවරණ කොමිසමට ගිහිල්ලා තහනම් කළා. ඒ තහනම අදටත් තියෙනවා. පොලිසියේ නිලධාරි මහත්ම මහත්මීන්ට අපි වෙන් කරපු පහළොස්දහස සහ විසිදහස මොනවා වුණාද දන්නේ නැහැ. ඒවා අතුරුදන් වෙලා.
රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ට පහළොස්දහසේ දීමනාවක් අපි වෙන් කළා. ඒකත් කපලා. මුදල්වලට මොනවා වුණාද දන්නේ නැහැ. රුපියල් දසදහස 2015 වැඩි කිරිම 2015, 2016, 2017, 2018, 2019 කියන වසරවල අපේ විශ්‍රාමික ප්‍රජාවට එහි වැඩිවීම 2020 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන්නට මුදලුත් වෙන් කරලා විශ්‍රාමික ජනතාවගේ නිවෙස්වලට ඒ ලියුම් ටිකත් යවලා සියල්ල ලෑස්ති කරලා තිබුණේ. මොකද වුණේ කැබිනට් පත්‍රිකාවක් නිකුත් කරලා මේ නව ආණ්ඩුව එකත් කැපුවා. ඒ මුදල්වලටත් මොනවා වුණාද දන්නේ නැහැ. ඒ මුදල් කොහේ ගියාද දන්නේ නැහැ.
අද මුළු රටම කඩා වැටිලා. අද රටට පැහැදිලි ආර්ථික දැක්මක් නැහැ. දේශපාලන දඩයම, පළිගැනීම, රැකියාවලින් දස දහස් ගණනින් අපේ සහෝදර යෞවන යෞවනියන් මහ පාරට ඇද දැමීමේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ ඉහළම ප්‍රමුඛතාව ලබාදීලා තියෙනවා. වීවලට දෙනවා කිව්වා සහතික මිලක්. කෝ ඒවා. දැන් ලැබෙනවාද? දැන් සතුටුද?
හිතාදර මිත්‍රවරුනි හොඳට මතක තියා ගන්න අද මේ ක්‍රියාත්මක වෙන්නේ සම්පූර්ණ බොරුවක්. සම්පූර්ණ රැවටිල්ලක්. ඒ නිසා මේ රටේ ජනතාවගෙන් මම ඉතා ආදරයෙන් ඉල්ලීමක් කරනවා දෙවැනි වතාවටත් රැවටෙන්න එපා කියලා. ජාතික ආරක්ෂාව තියෙනවා නම් මම අහන්න කැමැතියි කෝ රටේ දැරියන්ට අරක්ෂාව කියලා. ඒ දැරිය දූෂණය කරපු අතවර කරපු ඒ නින්දිතයන්ට ඇයි පියවර ගන්නේ නැත්තේ. 2020 පළමු සති දෙක ඇතුළත කාන්තා හිංසනය, ළදරු හිංසනය වෙනදාටත් වැඩිය ඉහළ ගිහිල්ලා. මේ සමගි ජන බලවේගය තුළ කැපිලි කෙටිලි නැහැ. ගජ මිතුරු සැලකිලි නැහැ. දෙන්නකුට තුන්දෙනකුට විතරක් තනතුරු දීලා ඒ දෙන්නා තුන්දෙනා පුම්බන වැඩපිළිවෙළක් නැහැ. අපේ වැඩසටහන තුළ සුදුස්සාට සුදුසු තැන තියෙනවා. ශක්ති සම්පන්න පුද්ගලයාට ඉදිරියට යන්න පුළුවන්. පක්ෂය වෙනුවෙන් දර දිය ඇදපු සියලු දෙනාටම කෙලෙහිගුණ දැක්වීමේ ගුණාංගය අංක එකටම තියෙනවා. මම ඔබලාගෙන් ඉල්ලීමක් කරනවා එක්සත් ජාතික පක්ෂය රැකගෙන එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් රැකගෙන ඇත්ත වශයෙන්ම තමුන්නාන්සේලාගේ යුගය බිහි කරන්නට සමගි ජන බලවේගයට තමුන්නාන්සේලාගේ හයිය ලබාදෙන්න කියලා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම්
මට හැම පැත්තෙන්ම මඩ ගහනකොට මම ශක්තිමත් වෙනවා. සමගි ජන බලවේගය තුළින් අපි මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා වාගේම එක්සත් ජාතික පක්ෂයේ හදවත තියෙන්නේ මෙතැන.
මාවනැල්ල - කේ.වී. බණ්ඩාර
under the courtesy of mawbima.lk news web