Wednesday, March 18, 2020

රට විරුවන්ට සැප දෙන්න රණවිරුවන් කන කට්ට- නිරෝධායනය පිටිපස්සේ දුක හිතෙන කතාව

තමන්ට නිරෝධායනයක් අවශ්‍ය නැති බව පවසමින් කටුනායක ගුවන් තොටුපළේදී ඔවුන් ලොකු කතා බහක් ඇති කල බවත් ඔබට මතක ඇති.

මේ දවස්වල මුළු ලංකාවම ඉන්නේ කොරෝනා භීතියෙන් ඇලලිලා. හැමෝම හැම මොහොතේම ඉන්නේ ලොකු අවධානයකින්. මේ අතරේ හැමෝම කතා කරන්නේ කොරෝනා ආසාදිතයන් ගැන. ඉතාලියේ ඉඳලා
ආව මේ වෙද්දී නිරෝධායනයට ලක් කෙරෙන පිරිස ගැනත් ගොඩක් අයගේ අවධානය යොමුවෙලා තියන. ඒකට ප්‍රධානතම හේතුව වෙන්නේ මේ වෙද්දී හඳුනාගෙන තිබෙන ආසාදිතයන් පිරිසෙන් වැඩි කොටසක් ඉතාලියේ ඉඳලා ලංකාවට ආව වීම.

තමන්ට නිරෝධායනයක් අවශ්‍ය නැති බව පවසමින් කටුනායක ගුවන් තොටුපළේදී ඔවුන් ලොකු කතා බහක් ඇති කල බවත් ඔබට මතක ඇති.

මේ වෙද්දී ඔවුන් සියලු දෙනාම දිවයිනේ ස්ථාන කිහිපයකදීම නිරෝධායනයට ලක්වෙමින් පසුවෙනවා.

මේ නිරෝධායන මධ්‍යස්ථාන ගැන කතා කරද්දී අමතකම කරන්න බැරි පිරිසක් ඉන්නවා. ඒ තමයි අපේ ආදරණිය රණවිරුවෝ. හැමෝම කොරෝනාවලට බයේ සැඟවෙන්න උත්සහ කරද්දී අපේ රණවිරුවන් කිසිම බියක් සැකක් නැතුව කොරෝනා ආසාදිතයන්ට උපකාර කරනවා. ඔවුන්ව බලා කියා ගන්නවා. තමන්ට "ඒසී කාමර ඕන වයිෆයි ඕන එහෙමත් නැත්නම් නිරෝධායනයට යන්න අපට බෑ" කියලා රට ඉඳලා ආපු අය කියද්දී ඔවුන්ට ඊටත් වඩා සැප පහසුකම් සහිතව හිතාගන්නවත් බැරි තරම් කාලයක් ඇතුළත නිරෝධායන මධ්‍යස්ථාන ඉදිකලා වගේම මේ වෙද්දී ඔවුන්ගේ අවශ්‍යතා සොයා බලමින් හැමදාමත් වගේ රට වෙනුවෙන් ලොකු සේවයක යෙදෙනවා.   

මේ වෙද්දී නිරෝධායන මධස්ථාන තුල නිරෝධායනට ලක්වන පිරිස එන්න එන්නම වැඩි වෙමිනුයි තියෙන්නේ. අවශ්‍යතාවය පරිදි තව තව නිරෝධායන මධ්‍යස්ථාන නිර්මාණය වෙනවා. පහුගිය දවසක සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්ත වුන අපේ හමුදා විරුවන්ගේ සංවේදී ඡායාරූප රැසක් ඔබත් දකින්න ඇති. ඒ මේ සාර්ථකව පැවැත්වෙන නිරෝධායන මධ්‍යස්ථාන පිටුපස කතාව. හැමදාමත් රට වෙනුවෙන් සේවයේ යෙදිලා තමන්ට කිසිවක් බලාපොරොත්තු නොවන අපේම සහෝදර පිරිස. නිරෝධායන මධ්‍යස්ථාන වට පිටාවේ ඉඩ ලැබෙන ලැබෙන තැනක වැටිලා නිදාගන්න අපේ මේ රණවිරු සහෝදරයන් දකින අයගේ ඇස්වලට කඳුලක් එන්නේ නෑ කියනවනම් ඒක බොරුවක්. තමන්ගේ දිවි පරදුවට තබමින් ඔවුන් රට වෙනුවෙන් කරන මේ සේවාව සැබවින්ම අගය කිරීමකින් පමණක් අවසන් කල නොහැකියි. ඔබට පින්!





under the courtesy of mawbima.lk news web


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka