කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට සිදුවූ පළමු මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා විය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි
රෝගියෙකු මෙලෙස මිය ගිය බවය.ඔහු 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ පුද්ගලයා වසර කිහිපයකට පෙර වකුගඩු බද්ධ කිරීමකට ලක්ව ඇති අතර දියවැඩියාව හා අධික රුධිර පීඩනය හේතුවෙන් ද ප්‍රතිකාර ගත් අයෙක් බව වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.