මැදිවියේ පසුවන මෙම පුද්ගලයා ඉතාලි ජාතිකයින් පිරිසක් සමඟ සිට ඇත
ඔහු මේ වන විට අයි.ඞී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන බවයි එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සදහන් කළේ.
ඔහු මීට දින දෙකකට පෙර උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් අයි.ඞී.එච්. රෝහලට ඇතුළත්ව ඇති බවයි විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ.
මැදිවියේ පසුවන මෙම පුද්ගලයා ඉතාලි ජාතිකයින් පිරිසක් සමඟ සිට ඇති බව ද වාර්තා වනවා.
මේ අතර, දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළට පැමිණ නිරෝධායන සඳහා යොමු කිරීමට නියමිත ගුවන් මගීන් 300කට අධික පිරිස එම පරිශ්‍රයේදී කලහකාරී ලෙස හැසිරී ඇති බව ගුවන් තොටුපළ අප වාර්තාකරු සදහන් කළා.
අදාළ මගීන් එලෙස හැසිරී ඇත්තේ දීර්ඝ ගමනාන්තයකට ළඟා වූ පසුව ඔවුන්ට අවශ්‍ය පහසුකම් ගුවන් තොටුපළ පරිශ්‍රයේ නොමැති බවට චෝදනා නගමින්.
එමෙන්ම එම මගීන්ගේ මෙරට සිටින ඥාතීන් ද ගුවන් තොටුපළ පරිශ්‍රයට පැමිණ සිට ඇති අතර ඔවුන් ද ප්‍රකාශ කර සිටියේ ගුවන් තොටුපළ පරිශ්‍රයේ නිසි පහසුකම් නොමැති බවටයි.