හීල්ඔය ප‍්‍රදේශයේ පදිංචි වයස මාස හතක දරුවෙක්
සිය දෙමාපියන් සමග දින කීපයකට පෙර දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි මාස හතක් වයසැති සිඟිත්තකු කෙරෝනා රෝගය වැළඳී ඇතැයි යන සැකය මත 03
සිය දෙමාපියන් සමග දින කීපයකට පෙර දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි මාස හතක් වයසැති සිඟිත්තකු කෙරෝනා රෝගය වැළඳී ඇතැයි යන සැකය මත 03
වැනිදා රාත‍්‍රියේ බදුල්ල පළාත් මහ රෝහලේ විශේෂය ඒකකයට ඇතුළත් කළ බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රංජිත් අමරකෝන් මහතා පැවසීය.
රෝහල් ගත කර ඇත්තේ බණ්ඩාරවෙල හීල්ඔය ප‍්‍රදේශයේ පදිංචි වයස මාස හතක දරුවෙකි.
රෝග ලක්ෂණ නොපෙන්වූවත් නිරෝධායන කටයුතු සඳහා දරුවා සමග ඔහුගේ මව හා පියා ද රෝහලේ
විශේෂිත වාට්ටුවකට ඇතුළත් කර ඇතැයි රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ රංජිත් අමරකෝන් මහතා පැවසීය.
කෙසේ වෙතත් නිරෝධායන කටයුතු ඉතාම සුරක්ෂිත අයුරින් සිදුවෙන බව බවත් ඔවුන්ට යම් හෙයකින් රෝගය වැළදී තිබුනොත් ඔවුන්ගෙන් රෝගය පැතිර යෑමේ ඉඩකඩක් කිසිසේත් නොමැති බවත් වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරන බව ද ඔහු පැවසීය.
කන්දකැටිය ජී. චතුරංග
under the courtesy of divaina.com news web