කුකුළු මස් කිලෝ 2ක් ද, ඌරු මස් කිලෝ 2ක් ද, චීස් පැකට් 2ක් ද, විස්කි බෝතලයක් ද, ලීටර් එකහමාරේ සෝඩා බෝතලයක් ද ඇතුළත්
මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව කාර්යාලයේ ආපන ශාලාවේ නව ටෙන්ඩරය ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 17,252 ක් පමණ වටිනා මස් හා චීස් ඇතුළු ආහාර තොගයක් අල්ලසක් ලෙස ලබාගත්, එම කාර්යාලයේ ව්‍යාපෘති කළමනාකාරවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ ¥ෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණි වීරසූරිය මහත්මිය පැවසුවාය.
එම කාර්යාලයේ ආපන ශාලාව පවත්වාගෙන යෑම සඳහා 2020 වසරේ ටෙන්ඩරය ලබාදීමට සහ එය
ගැටලූවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා සංචාරක මාර්ගෝපදේශකයකුගෙන් මෙම අල්ලස 05 වැනිදා සවස ලබා ගනිද්දීම කොටුකර ගත් බව ද ඇය සඳහන් කළාය.
අත්අඩංගුවට පත් සැකකාර නිලධාරියා ගම්පොල පදිංචි අයෙකි.
මෙම ද්‍රව්‍යමය අල්ලසට කුකුළු මස් කිලෝ 2ක් ද, ඌරු මස් කිලෝ 2ක් ද, චීස් පැකට් 2ක් ද, විස්කි බෝතලයක් ද, ලීටර් එකහමාරේ සෝඩා බෝතලයක් ද ඇතුළු තවත් ද්‍රව්‍ය කීපයක් ද ඇතුළත් බව ද ඇය කියා සිටියාය.
සැකකාර නිලධාරියා පොළොන්නරුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
under the courtesy of divaina.com news web