Tuesday, March 10, 2020

එකපාරටම ආව ලොකු ශබ්දයක් සමගම බිරිඳගේ සිරුර ගිනි ජාලාවකින් වැසී තිබුණා - ස්වාමිපුරුෂයා කියයි

සිරුරට ගිනි ඇවිලීමෙන් මියගිය සත්දරු මවගේ මරණ පරීක්‍ෂණය

 ‘‘එකපාරටම නිවසේ කුස්සිය පැත්තෙන් ලොකු ශබ්දයක් ඇසුණා. මා ඒ පැත්තට දිවගියා. ඇයගේ සිරුරේ
ගිනි ජලාවක් තිබුණා. මා ජල කරාමයෙන් වතුර ගසා ගින්න නිවා දැමුවා’’ යැයි සිරුරට ගිනි ඇවිලීමෙන් මියගිය සත්දරු මවකගේ හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් ඇයගේ සැමියා වන නල්ලපෙරුම ලොකුතන්ත‍්‍රි රුසෙන් (83) නමැත්තා පැවසීය.

මුළුතැන්ගෙයි තිබූ ගෑස් ටැංකියේ බටය මීයකු විසින් කපා දැමීම නිසා ගෑස් කාන්දු වී ගිනි ඇවිලීමෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත්තේ තෙල්ලඹුරවිතානගේ නන්දාවතී (79) නමැති ¥වවත්ත, හැම්මෑලිය, බද්දේගම ප‍්‍රදේශයේ පදිංචිකාරියකි.

මියගිය තැනැත්තියගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය බී. ජී. එන්. කරුණාතිලක මහතා විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදු කරනු ලැබීය.

එහිදි සාක්ෂිකරු තවදුරටත් පැවසුවේ:

‘‘මියගොස් ඇත්තේ මගේ බිරිඳයි. අපිට දරුවන් 07 දෙනෙකු ඉන්නවා. ඔවුන් විවාහකයි. බිරිඳට කිසිදු අසනීපයක් තිබුණේ නැහැ. ඇය දිනපතා අප කාටත් කලින් අවදි වී තේ හදනවා. ඇය තේ හැදීම සඳහා කුස්සියට ගියා. එකපාරටම ලොකු ශබ්දයක් ඇසුණා. මා ඒ පැත්තට දිවගියා. බිරිඳගේ සිරුරේ ගිනි ජාලාවක් දක්නට තිබුණා. මා ටැප් එකෙන් වතුරගෙන ගින්න නිවා ගිලන් රථයකින් බද්දේගම රෝහලට රැගෙන ගියා. පසුව කරාපිටිය රෝහලට මාරුකළා. රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගියා. පසුව දැනගත්තා ගෙදර ගෑස් ටැංකියේ බටය මීයකු විසින් කපා දැමීම නිසා ගෑස් කාන්දුවක් වී ඇති බව.

පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී සී. ටී. මහානාම විසින් සිදු කළේය. සාක්ෂි මෙහෙයවීම පො. කො. (54586) චන්ද්‍රසෝම විසින් සිදු කළේය. ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා පිළිස්සුම් තුවාල ආසාදනයෙන් සිරුරට විෂබීජ ඇතුල් වීමෙන් මරණය සිදුවී ඇති බවට තීන්දු කළේය.

ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි 

under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka