යතුරුපැදිකරුගේ සහ ටිපර් රථ රියදුරාගේ නොසැලිකිලිමත් රිය ධාවනය අනතුර හේතුව වි ඇති බවද සඳහන්
ටිපර් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටිමෙන් යතුරුපැදියේ ගමන් ගත් තරුණයෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසුවා.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ ගිනිගත්හේන පිටවල පල්ලේවත්තේ පදිංචිව සිටි අනුෂ දිල්ෂාන් නැමති 19 හැවිරිදි තරුණයෙක්.
ගිනිගත්හේන රංජුරාව හත්ලාන ප්‍රදේශයේ සිට පිටවල දක්වා ධාවනය වු යතුරුපැදිය සහ ගිනිගත්හෙනේ
බැවුමක් සහිත ප්‍රදේශයකදි ධාවනය වෙමින් තිබු ටිපර් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු යතුරුපැදියේ ගැටි යතුරුපැදිය අඩි කිහිපයක් ඉදිරියට ඇදි ගොස් මෙම අනතුර සිදු වි ඇති බවයි ගිනිගත්හේන පොලිසිය පැවසුවා.
යතුරුපැදිකරු ප්‍රදේශවාසින් එක් ව ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන යන අතරතුර ජිවිතක්ෂයට පත් වි ඇති බවත්, ටිපර් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.
අනතුරෙන් යතුරුපැදියට දැඩි අලාභ හානි සිදු වි ඇති බවත්,යතුරුපැදිකරුගේ සහ ටිපර් රථ රියදුරාගේ නොසැලිකිලිමත් රිය ධාවනය අනතුර හේතුව වි ඇති බවද සඳහන්.
අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියදුරා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.
හැටන් රංජිත් රාජපක්ෂ
under the courtesy of mawbima.lk news web